ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන අවපාතය “සුළි කුණාටුවක්” දක්වා වර්ධනය වී ඇති බවත් එය “අක්වාන්” ලෙස නම් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුළි කුණාටුව හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම සුළිකුණාටුව අද (17) පස්වරුව වනවිට “දරුණු සුළි කුණාටුවක්” බවට පත්වීමට ඉඩ ඇති අතර පසුව එම පද්ධතිය වයඹ දෙසට ගමන් කර අනිද්දා (19) අලුයම වන විට ඉතා දරුණු සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බව සඳහන් වේ.
මේ අතර බස්නාහිර, සබරගමුව, සහ වයඹ පලාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
