මැදපෙරදිග උණුසුම්.. අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

ඉරානය සහ අමෙරිකාව අතර මැදපෙරදිග කලාපයේ ප්‍රහාර හුවමාරු වෙමින් පවතින පසුබිමක කුවේටය ඩ්‍රෝන ප්‍රහාර වලට ලක්ව ඇති බව එරට හමුදාව සඳහන් කරයි.

රට තුළ ඇසෙන පිපිරුම් හඬවල් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් ඩ්‍රෝන සහ වෙනත් සතුරු ප්‍රහාර වළක්වාලීමේදී ඇතිවන ශබ්ද බව “X” සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කුවේට් හමුදාව සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් දකුණුදිග Qeshm දූපතේ ස්ථාන කිහිපයකට අමෙරිකාව ප්‍රහාර එල්ල කර ඇත.

බහරේනයේ පිහිටි අමෙරිකානු රේඩාර් පද්ධතියක් ඉලක්ක කරමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව එම ප්‍රහාර එල්ල කර ඇත.

එහෙත් Qeshm දූපතේ ස්ථාන කිහිපයකට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් වාණිජ හෝ යටිතල පහසුකම්වලට කිසිදු හානියක් සිදුව නොමැති බව ඉරානයේ දකුණුදිග හෝර්මොස්ගන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර Ahmad Nafisi සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel