ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අවශ්‍යතාවක් නොමැති අවස්ථාවක කාර්යාල සහායක තනතුරු දෙකක් සහ රියැදුරු තනතුරු හතරක් ලබාදී රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව යළිත් පෙබරවාරි (26) වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (17) දින නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීහු විමර්ශනයේ වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අනතුරුව එම කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව පෙබරවාරි (26) වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
සංස්ථාවේ කාර්ය මණ්ඩලය සම්පූර්ණව තිබියදී නීත්‍යනුකූල නොවන අයුරින් එම සේවකයන් හයදෙනා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීමට කුමන්ත්‍රණය කිරීමෙන් රූපවාහිනී සංස්ථාවට රුපියල් 14,325,422.83ක මුදලක් පාඩු කරමින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට කොමිසම සැකකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
