අද (20) දින මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට ළඟා වී ඇත.
ඉහළම වායු ගුණාත්මක දර්ශක අගය වන 190 හලාවත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර යාපනයෙන් 164ක්, ත්‍රිකුණාමලයෙන් 161ක්, මුලතිව්වලින් 160ක්, කිලිනොච්චියෙන් 159ක් සහ අනුරාධපුරයෙන් 156ක් ලෙස වාර්තා වී ඇත.
තවද, ඇල්ල ප්‍රදේශයෙන් 119ක්, අක්කරේපත්තුවෙන් 131ක්, මන්නාරමෙන් 132ක්, බත්තරමුල්ලෙන් 131ක්, රත්නපුරයෙන් 126ක් සහ මහනුවරින් 127ක් ලෙසද වායු ගුණාත්මක දර්ශක අගයන් වාර්තා වී ඇත.
මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින් ජනතාවට සෞඛ්‍යමය බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
අදාළ ප්‍රදේශවල ස්වසන රෝග සහ අසාත්මිකතා ඇති පුද්ගලයින් KN 95 වර්ගයේ මුඛ ආවරණ පැලඳීම සඳහා සෞඛ්‍ය නිර්දේශයන් නිකුත් කර ඇති අතර එළිමහනේ සිටීමෙන් වළකින ලෙසද දැනුම්දී ඇත.
