නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ෂිපෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් මගියෙකුගේ ගමන් මල්ලක සඟවා රැගෙන යමින් තිබූ ඉතා දුර්ලභ කැස්බෑවන් 26ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු විසින් ලොව කුඩාම මිරිදිය කැස්බෑ විශේෂය ලෙස සැලකෙන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ‘Vallarta mud turtles’ විශේෂයට අයත් කැස්බෑවන් 26ක් මෙලෙස නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කර ඇත.
සෙන්ටිමීටර් 10ක් පමණ දිගින් යුත් මෙම සතුන්ට චලනය වීමට නොහැකි වන පරිදි ඇලවුම් පටිවලින් ඔතා, සෙල්ලම් මෝටර් රථ පෙට්ටියක සහ මේස් එකක් තුළ සඟවා තිබූ බව නෙදර්ලන්ත ආහාර හා පාරිභෝගික නිෂ්පාදන සුරක්ෂිතතා අධිකාරිය සඳහන් කරයි.
මෙක්සිකෝවේ ස්වභාවික වාසස්ථාන වලින් නීතිවිරෝධී ලෙස අල්ලාගෙන ඇතැයි සැක කෙරෙන මෙම කැස්බෑවන් මේ වනවිට විශේෂිත සත්ත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක රැකවරණය යටතේ පසුවෙයි.
මෙම දුර්ලභ කැස්බෑ විශේෂයට අයත් සතුන් 300කට නොවැඩි සංඛ්‍යාවක් පමණක් මේ වනවිට ස්වභාවික පරිසරයේ ජීවත් වන බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
