අවුරුදු සමයේදී මත්පැන් සම්බන්ධයෙන් ගත් තීරණය.!

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී අලෙවි කරන නීතිවිරෝධී මත්පැන් පිළිබඳව වැටලීම් සිදුකිරීමට සඳහා දිවයින පුරාම විශේෂ කණ්ඩායම් යොදාවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සදහන් කරයි.

මේ අතර පසුගිය 2023 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 වර්ෂයේදී සුරාබදු ආදායම සියයට 38.5කින් වර්ධනය වී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සදහන් කරයි.

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මත්පැන් මිල වැඩිවීම හේතුවෙන් මෙම වසරේ ජනවාරි මාසයේදී මත්පැන් නිෂ්පාදනය ලීටර් 657,000ක් පමණ අඩුවී ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close