හෙදියන්ගේ නොසැලකිල්ලෙන් අලුත උපන් බිළිදා මරුට.!

දරු ප්‍රසූතියක් අතරතුර පිරිමි දරුවෙකු බිමට වැටී මිය ගිය අවාසනාවන්ත පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වේ.

අනුරාධපුර, රඔෑව, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ගැබිනි කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කල්ලංචිය රෝහලට අගොස්තු (10) වනදා ඇතුළත් කර අසීරු තත්ත්වයක පසුවීම නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසූතිකාගාරයට යොමු කළ පසු එම කාන්තාව එහිදී පිරිමි දරුවකු බිහි කර ඇති අතර එම අවස්ථාවේ හෙදියන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් සිය දරුවා බිම වැටුණු බවට කාන්තාව සහ සැමියා චෝදනා කරයි.

එම සිදුවීම පසුගිය අගෝස්තු මස (10) වනදා සිදුවු බවත් එම සිද්ධියෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම බිලිඳා අද (13) දින උදෑසන මියගිය බවද එම කාන්තාව සහ සැමියා සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close