ප්‍රමිතියෙන් තොර ඖෂධ ගේන්න අත්සන් කළේ බැසිල් රාජපක්ෂ.. තොරතුරු රැසක් හෙළිවෙයි.!

ප්‍රමිතියෙන් තොර ඖෂධ ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ මිලදී ගැනීමට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබාදුන්නේ මුදල් අමාත්‍යංශය විසින් බවද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි.

නීතිඥ අනුජ ප්‍රේමරත්න තවදුරටත් සදහන් කළේ,

” ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි.

මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබා දුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ.”

හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගය සම්බන්ධව සිදුකරන පරීක්ෂණ වලට අදාලව අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close