බස් රියදුරු කපා කොටා ඝාතනය කරයි.!

අද (15) දින උදෑසන හංවැල්ල තුම්මෝදර මංසන්දිය ආසන්නයේදී 35 හැවිරිදි බස් රථ රියැදුරකු කපා කොටා ඝාතනය කර ඇති බව හංවැල්ල පොලීසිය සදහන් කරයි.

මෙම පුද්ගලයා බුදුන් වැදීම සදහා මල් කැඩීමට පැමිණි අවස්ථාවේදී පෙරවරු 5.55ට පමණ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

එම ඝාතනය සිදුකළ සැකකරු කොළඹ බලා ධාවනය වූ දුම්රියක නැගී පලා යන අවස්ථාවේදී මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිසියට බාර දී ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close