මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇත.
රුසියාවේ Bashneft-Novoil සහ Slavneft-Yanos තෙල් පිරිපහදු දෙක ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.
රුසියාව යුද්ධය සඳහා භාවිතා කරන තෙල් ආදායම සීමා කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බවද යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.
තවද කළු මුහුදේ රුසියානු හමුදා මුර යාත්‍රා සහ සම්බාධක මඟහැර තෙල් ප්‍රවාහනය කරන බව කියන නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවද ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.
අද (07) කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ අමාත්‍ය අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවු අතර වෙඩි තැබීමක් සිදුකර තත්ත්වය පාලනය කළ බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වනවිට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
කුරුවිට බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය සඳහන් කරයි.
මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
කුරුවිට බන්ධනාගාරයේ අද (07) උදෑසන මෙම නොසන්සුන්තාව හටගත් අතර එය පාලනය සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
අද (07) දින කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.
ඊයේ (06) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ අතර පසුව එය පාලනය කිරීමට කටයුතු කර ඇත.
එහෙත් අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට අලාභ හානි කර ඇති බව වාර්තා වේ.
අනතුරුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
තමාට දැන් ආදායමක් නොමැති බවත් තමන් ජීවත් වන්නේ බිරිඳගේ විශ්‍රාම වැටුපෙන් සහ මිතුරන්ගේ සහයෝගයෙන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කරයි.
තමන් දැනට භාවිතා කරන වාහනය මිතුරෙකු විසින් ලබා දුන් එකක් බවත් පදිංචිව සිටින නිවසේ කුලිය ගෙවන්නේ සිය හිතවතෙකු විසින් බවද රාජිත සේනාරත්න සඳහන් කරයි.
රාජිත සේනාරත්න තවදුරටත් සඳහන් කළේ,
“මට දැන් සත පහක ආදායමක් නෑ. මගේ බිරිඳ විශේෂඥ වෛද්‍යවරියක් නිසා ඇයට ලැබෙන විශ්‍රාම වැටුප තියෙනවා. ඒ වගේම මගේ ආච්චි අම්මාගෙන් ලැබුණු කුඩා වත්තක් තියෙනවා, ඒකෙන් යම් ආදායමක් ලැබෙනවා. අපි ජීවත් වෙන්න ඒක ඇති වුණත්, දේශපාලනය කරන්න ඒ මුදල් මදි.”
නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජිත සේනාරත්න මේ බව සඳහන් කරයි.
මහ රෑ කැලඹුණු මැගසින් බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව වාර්තා වේ.
මැගසින් බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා යොදාගෙන ඇත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැන ගැනීමත් සමඟ ජනතාව බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටින අතර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කර ඇත.
මේ අතර මේ වනවිට මැගසින් බන්ධනාගාරය අසලට අධි පීඩන ජල ප්‍රහාරක රථ කැඳවා ඇත.
කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ නාවික හමුදාව එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කර ඇත.
පසුගිය 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙක් ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ සිද්ධිය සම්බන්ධව කොළඹ මහාධිකරණය මගින් පනවන ලද දඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙත්සමක් ගොනු කර තිබුණේය.
අදාළ පෙත්සම කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ (06) දින කැඳවනු ලැබුවේය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය සැප්තැම්බර් (23) වනදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය (06) නියෝග කළේය.
2024 ජූනි (28) වන දින කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුවට අදාළව ඇයට බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් නියම කළේය.
පොලිස්පතිවරයා මහ මගදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
පොහොට්ටුවේ නායකයෝ කියා ගන්නා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා සාගර කාරියවසම්ගේ ප්‍රකාශය නැවතත් තහවුරු කරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
නිලධාරීන්ට තර්ජනය කරනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැති බවත් ඔවුන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ඉදිරියේදී ජනතාවට දැකබලා ගැනීමට පුළුවන් බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,
“පොලිස්පතිවරයාට තර්ජනය කරනවා කියන්නේ මේ රටේ සමස්ත අධිකරණ ක්‍රියාවලි වගේම නීතියේ ආධිපත්‍යට තමා ඔවුන් තර්ජනය කරන්නේ. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දීලා තියෙනවා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට. ඊයේ දිනයේම පැමිණිල්ල ලබාගැනීමෙන් පසුව විමර්ශන ආරම්භ කරලා තියෙනවා.”
“පොහොට්ටුවේ නායකයෝ කියා ගන්නා නාමල් රාජපක්ෂලා වගේ අය ගිහිල්ලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ ප්‍රකාශය නැවතත් තහවුරු කරනවා. ඒකෙන් පැහැදිලි දේශපාලන පක්ෂයක්, ව්‍යාපාරයක් හැටියට ඉදිමින් පොලිස්පතිවරයාට තර්ජනය කරන්නේ සමස්ත නීතියට කරන තර්ජනයක්.
නීතියේ ආධිපත්‍යට කරන තර්ජනයක්. නීතිය හා සාමය පැවැත්මට බරපතල බාධාවක් ඔවුන් ගෙනල්ලා තියෙනවා. මේක ජනතාව කුපිත කිරීමක්. ජනාධිපතිවරයාටත්, රජය කෙරෙහි අනාදරයක් වගේම රජය කෙරෙහි විරසකයක් ජනතාව තුල ඇති කිරීමට දරන උත්සාහයක්.
යම් කෙනෙක් නීති විරෝධීව මහජනයා කුපිත කරනවා නම්, ඒ වගේම රාජකාරී නිලධාරීන්ට බාධා කරනවා නම්, තර්ජනය කරනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නෑ. ඒ ක්‍රියාමාර්ග ඉදිරියට දියත් වෙනවා. ඒක ඉදිරියේදී බලාගන්න හැකියාව ලැබෙයි මේ රටේ ජනතාවට.”
රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.