Local news

ආණ්ඩුවට එරෙහිව නයයි මුගටියයි එකතු වුණා.. කොච්චර ලස්සනද

ආණ්ඩුවට එරෙහිව නයයි මුගටියයි එකතු වුණා.. කොච්චර ලස්සනද

ජීවිතේට එකට වාඩිවී දේශපාලනය නොකරපු මිනිස්සූ එක කඳවුරකට එකතු වී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,

“බලන්නකෝ ජීවිතේට අපි එකට වාඩිවෙලා හිටිය මිනිස්සුද. ඉස්සර යූන්පී කාරයයි, ශ්‍රීලංකා කාරයයි හම්බුනාට පස්සේ හරියට නයයි මුගටියයි හම්බුනා වගේ.

දැන් බලන්නකෝ රාජිත ඇමතිතුමයි, නිමල් සිරිපාල ඇමතිතුමයි කුටු කුටු ගගා ඉන්නවා. කොච්චර ලස්සනද. සාගල රත්නායක ඇමතිතුමා මේ පැත්තේ ඉන්නවා.

අපි ඔක්කොම එක කඳවුරක එකට හිටියේ. අපේ මේ එක පක්ෂයකවත් වෛරය තිබුණේ නෑ. අපි කල්පනා කරන්න ඕන එක කඳවුරක ඉදගෙන කොහොමද මර්දනකාරී ආණ්ඩුවට මුහුණ දෙන්නේ කියලා.”

හොරුත් බොරුත් එක මිටකට පරදවමු යන රැස්වීමට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව සඳහන් කරයි.

පුංචි බිළිඳාගේ හදිසි මරණය.. වෛද්‍යවරුන් දෙදෙනෙකුට වැඩ වරදී

පුංචි බිළිඳාගේ හදිසි මරණය.. වෛද්‍යවරුන් දෙදෙනෙකුට වැඩ වරදී

පසුගිය අප්‍රේල් මස (09) වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් අතරතුර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී බිළිඳෙකු මියගොස් ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී බිළිඳෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර අදාළ වෛද්‍යවරුන් විසින් අපරාධමය වරදක් සිදුකර ඇත්ද යන්න පිළිබඳ අඛණ්ඩ විමර්ශන ක්‍රියාත්මක බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

බොරතෙල් මිල ඉහළ⁣ට

බොරතෙල් මිල ඉහළ⁣ට

අද (11) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 104.1ක් ලෙස සටහන්ව ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 98.51ක් ලෙස සටහන්ව ඇත.

ඉදිරි පැය 36 අවදානම්.. වැස්ස වැඩි වෙයි

ඉදිරි පැය 36 අවදානම්.. වැස්ස වැඩි වෙයි

ඉදිරි පැය 36 තුලදී පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඉරාන යෝජනාවට මම කැමති නෑ

ඉරාන යෝජනාවට මම කැමති නෑ

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනා වලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

“ඉරානයේ නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මම දැන් කියෙව්වා. මම ඒකට කැමති නැහැ. එය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි.”

ඉරානයේ යෝජනාවට, යුද්ධය වහාම අවසන් කිරීම, අමෙරිකානු නාවික අවහිර කිරීම් නැවැත්වීම සහ ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට සහතික වීම ඇතුළත් බව වාර්තා වේ.

අමෙරිකානු යෝජනාවට, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සාරවත් කිරීම අත්හිටුවීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ප්‍රවාහනය යළි ස්ථාපිත කිරීම වැනි විධිවිධාන ඇතුළත් බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරු ‘බටුවත්තේ චාමර’ කුදලාගෙන එයි

සංවිධානාත්මක අපරාධකරු ‘බටුවත්තේ චාමර’ කුදලාගෙන එයි

අසර්බයිජානයේදී අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් “බටුවත්තේ චාමර” අද (10) දින රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

මනෝජ් සුරංග නොහොත් “බටුවත්තේ චාමර” මෙරටට රැගෙන ඒම සඳහා මෙරට පොලිස් කණ්ඩායමක් පසුගිය (07) වනදා දිවයිනෙන් පිටත්ව ගියේය.

අනිවාර්යෙන් පෝලිමේ ඇතුළට යන්න වෙන නිසා ප්‍රභූ පන්තිය කලබල වෙලා

අනිවාර්යෙන් පෝලිමේ ඇතුළට යන්න වෙන නිසා ප්‍රභූ පන්තිය කලබල වෙලා

මේ වනවිට බලය ගිලිහී ගොස් ඇති ප්‍රභූ දේශපාලන පැලැන්තිය කලබල වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

හොරකම් නිසා, වංචා නිසා, දුෂණ නිසා, නඩු වැටිලා නිසා, අනිවාර්යෙන් ළග ළග ඇතුළට පෝලිමේ යන්න වෙන නිසා ඔවුන් හොඳටම කලබල වෙලා තියෙන බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කළේ,

“බලය ගිලිහෙච්ච ප්‍රභූ පන්තිය කලබල වෙලා තියෙන්නේ. හොදටම කලබල වෙලා තියෙන්නේ. බලය ගිලිහී ගිය ප්‍රභූ පන්තිය හොරකම් නිසා, වංචා නිසා, දුෂණ නිසා, නඩු වැටිලා නිසා, අනිවාර්යෙන් ළග ළග ඇතුළට පෝලිමේ යන්න වෙන නිසා හොඳටම කලබල වෙලා තියෙන්නේ. කලබල වෙන්න ඕන. හැබැයි අපි නෑ කලබල.”

පොළොන්නරුව ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මේ බව සඳහන් කරයි.

වැල්ලවායේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

වැල්ලවායේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

අද (10) දින රාත්‍රියේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් වැල්ලවාය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇත.

වැල්ලවාය ගංගාරාම විහාරස්ථානය සහ ඇතිලිවැව යන ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.

නව මහ ඇමති තලපති විජේගෙන් සැර ප්‍රකාශයක්

නව මහ ඇමති තලපති විජේගෙන් සැර ප්‍රකාශයක්

තමිල්නාඩු 17 වන මහ ඇමති තලපති විජේ වැඩ භාරගත් පළමු දිනයේම සිය ප්‍රධාන සුභසාධන යෝජනා ක්‍රම තුනකට අත්සන් තබා ඇත.

*කාන්තා ආරක්ෂාව වෙනුවෙන් ‘Singappen Athiradi Padai’

තමිල්නාඩුව පුරා කාන්තා ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් ‘Singappen Athiradi Padai’නමින් නව විශේෂ කාන්තා ආරක්ෂක ඒකකයක් දියත් කළේය. 

ඒ අනුව ප්‍රාන්තයේ සියලුම ප්‍රදේශවල කාන්තා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙය ක්‍රියාත්මක වනු ඇත. 

*නොමිලේ විදුලි ඒකක 200ක්

තමිල්නාඩුවේ නිවාස සඳහා මාස දෙකකට වරක් නොමිලේ විදුලිය ඒකක 200ක් ලබා දෙන යෝජනා ක්‍රමයක් අනුමත කළේය. 

දැනට පාරිභෝගිකයින්ට නොමිලේ විදුලි ඒකක 100ක් ලැබෙන යෝජනා ක්‍රමයට අමතරව මෙම පියවර ගෙන ඇත.

*සෑම දිස්ත්‍රික්කයකටම මත්ද්‍රව්‍ය නාශක ඒකකයක්

මත්ද්‍රව්‍ය වලින් තොර තමිල්නාඩුවක් නිර්මාණය කිරීමේ සහ තරුණයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, තමිල්නාඩුවේ සෑම දිස්ත්‍රික්කයකම මත්ද්‍රව්‍ය විරෝධී ඒකක පිහිටුවීමේ නියෝගයකට අත්සන් තැබීය.

දිවුරුම් දීමේ උත්සවය අතරතුර නව මහ ඇමති තලපති විජේ සඳහන් කළේ,

“මම ඔබේ පවුලේ කෙනෙක්. මම ඉන්ද්‍රජාලිකයෙක් හෝ දේව චරිතයක් නොවේ. යථාර්ථවාදීව කළ හැකි දේ මම කරනවා. තමිල්නාඩුව විශාල ණය බරකින් පෙළෙනවා. රාජ්‍ය භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම සිඳී ගිහින්.  

අපි මුලින්ම තමිල්නාඩුවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කරනවා. මම රහසිගතව කිසිවක් කරන්නේ නැහැ. සියල්ල විනිවිද පෙනෙන ලෙස කරනවා. මගේ රජයට යම් කාලයක් ලබා දෙන්න.

මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට එරෙහිව දැඩිව පියවර ගන්නවා. තරුණයින් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම මගේ ප්‍රමුඛතාව. තමිල්නාඩුවේ කෝටි 8ක ජනතාවම මට එකයි. මිතුරන් හෝ සතුරන් වේවා, සියල්ලෝම මගේ ජනතාව.

මම කිසි විටෙකත් මහජන මුදල් වැරදි ලෙස භාවිතා කරන්නේ නෑ. මගේ පරිපාලනය තුළ දූෂණයට ඉඩක් නෑ. මේ විජේ කවදාවත් වැරදි කරන්නේ නැහැ. මාත් එක්ක ආණ්ඩුවේ ඉන්න අය පවා වැරදි කළොත් බේරෙන්නේ නැහැ.”

“පාස්කු මහ මොළකරු” ආන්දෝලනාත්මක කෘතියයි

“පාස්කු මහ මොළකරු” ආන්දෝලනාත්මක කෘතියයි

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘භවතරණය’ කෘතිය සම්බන්ධයෙන් පැවති විවාදය එකල පුවත්පත් ලිපි වලට පමණක් සීමා වූවත් තම කෘතිය සමකාලීන සමාජය තුළ දැවැන්ත සංවාදයකට මගපාදා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.

ඒ අනුව ‘භවතරණය’ කෘතියෙන් පසුව මෙරට බිහිවූ ආන්දෝලනාත්මකම ග්‍රන්ථය තමන් රචනා කළ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම’ කෘතිය බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම ප්‍රධාන රූපවාහිනී නාලිකා තම දේශපාලන සංවාද වැඩසටහන් සම්පූර්ණයෙන්ම එක් ග්‍රන්ථයක් වෙනුවෙන් වෙන් කළ බවත් සියලු මාධ්‍ය මගින් මෙය වාර්තා කළ බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

තවද පසුගිය අප්‍රේල් මස (12) වනදා පාර්ලිමේන්තුවේ පැවති විවාදය පවා මෙම කෘතිය කේන්ද්‍ර කරගනිමින් පැවති බවත් විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් එය සභාගත කළ බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මාසයකට අධික කාලයක් මෙම කෘතිය පිළිබඳ සංවාද පැවති අතර පාස්කු දින සැමරුම් අතරතුර පවා විවිධ පාර්ශ්ව මෙම පොත පිළිබඳ අදහස් දැක්වීම තුළින් එහි ඇති සමාජීය වටිනාකම තහවුරු වන බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.