Local news

කුඩා දැරියන් දෙදෙනෙක් අපයෝජනය කළ හිමිනම සහ මවුලවි අත්අඩංගුවට

කුඩා දැරියන් දෙදෙනෙක් අපයෝජනය කළ හිමිනම සහ මවුලවි අත්අඩංගුවට

ළමා අපයෝජන දෙකක් සම්බන්ධයෙන් හිමිනමක් සහ මවුලවිවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

එම හිමිනමට සහ මවුලවිට අධාර අනුබල දුන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

වයස අවුරුදු 14ක් වන දැරියක් බරපතල ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මැයි (08) වන දින මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර, නැවත ජුනි (03) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන 21 හැවිරිදි මවුලවිවරයා ප්‍රදේශයෙන් පලාගොස් සිට මැයි (20) වනදා නීතීඥවරයෙක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ජුනි (06) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දෙවන සිදුවීම වන වයස අවුරුදු 15ක දැරියක් ඥාතියෙකු වන 25 හැවිරිදි හිමිනමක් විසින් අපයෝජනය කර ඇති අතර අනතුරුව සිදුකළ විමර්ශනයකින් පසුව එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.

එම සිද්ධියට අධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් 29 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හිමිනම සහ කාන්තාව මැයි (21) වනදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිමිනම ජුනි (01) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කාන්තාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි

දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි

2026 Real Estate Asia සම්මාන උළෙලේදී Developer of The Year ලෙස ප්‍රයිම් සමූහය සම්මානයෙන් පිදුම් ලබයි.

​දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වරටත් “Developer of the Year” සම්මානයෙන් Singapore Sands Expo and Convention Centre හීදි පසුගියදා පිදුම් ලැබුවා.

මේ දක්වා Apartment ව්‍යාපෘති 50කට අධික ප්‍රමාණයක් ආරම්භ කර, එයින් 45කට වඩා දැනටමත් වැඩ නිම කර පාරිභෝගිකයන්ට භාර දීමට ප්‍රයිම් සමූහය සමත්වී තිබෙනවා.

ප්‍රයිම් ඉදිරි දැක්මේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් මේ වනවිට ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය දිනු Port City හි World Class Marina & Waterfront Apartment ව්‍යාපෘතියද ආරම්භ වී තිබෙනවා.

ප්‍රයිම් සමූහය සහ මෙල්වා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය ප්‍රයිම් සමූහයේ සංවර්ධන කටයුතු ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අතිශය තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානයි.

​Port City හි Marina කලාපය තුළ සිදු කරන මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ දේපළ ක්ෂේත්‍රය ගෝලීය මට්ටමට ඔසවා තැබීමයි ප්‍රයිම් සමූයේ අපේක්ෂාව වී ඇත්තේ.

ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර.. ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 3400 පනී

ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර.. ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 3400 පනී

ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කර ගනිමින් දියත් කරන මිලිටරි ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 3,412 දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ප්‍රහාර හේතුවෙන් තවත් පුද්ගලයන් 10,269 දෙනෙකු තුවාල ලබා ඇති බවද ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම නිල දත්ත වාර්තාවට පසුගිය මාර්තු (02) වනදා සිට මැයි (31) වනදා දක්වා කාලය තුළ වාර්තා වූ සමස්ත අනතුරුවලට ලක්වූවන්ගේ සංඛ්‍යාව ඇතුළත් කර ඇත.

මියන්මාරයේ ගම්මානයක පිපිරීමකින් 55 දෙනෙකු මරුට

මියන්මාරයේ ගම්මානයක පිපිරීමකින් 55 දෙනෙකු මරුට

මේ වනවිට හමුදා පාලනයක් යටතේ ඇති මියන්මාරයේ ගම්මානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 55 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාරයේ අදාළ ගම්මානය චීන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති බවත් කැරලිකාර කණ්ඩායමක් විසින් එය පාලනය කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පතල් කැණීමේ කටයුතු සඳහා ගබඩා කර තිබූ පුපුරණ ද්‍රවය තොගයක් අත්වැරදීමකින් පුපුරා ගොස් ඇතැයි සැක පළ කරයි.

මීගොඩ බිහිසුණු අනතුරේ අලුත්ම තත්ත්වය

මීගොඩ බිහිසුණු අනතුරේ අලුත්ම තත්ත්වය

මීගොඩ ප්‍රදේශයේදී දන්සැලකට කැබ් රථයක් කඩා වැදීමෙන් ඊයේ (31) දින මධ්‍යම රාත්‍රියේ පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇත.

15 හැවිරිදි දැරියක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු මියගිය පිරිස අතර වන බවත් තුවාල ලැබූ තවත් 7 දෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

දන්සැල් පෝලිමේ සිටි වයස අවුරුදු 15, 32, සහ 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසු වන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, පිළියන්දල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදුකළ රියැදුරු පළාගොස් ඇති අතර එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු ලුහුබැඳ ගොස් ගිනි අවි පෙන්වා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ රියැදුරු බීමත්ව සිට ඇති බවත් එම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි.

ප්ලාස්ටික් භාවිතය තහනම් කරයි

ප්ලාස්ටික් භාවිතය තහනම් කරයි

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් පසුගිය (15) වෙනිදා දැනුම් දුන් විශේෂ චක්‍රලේඛය අනුව ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය තහනම් වේ.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය ඊයේ (31) දින සිට සම්පූර්ණයෙන්ම නතර කළ යුතු වේ.

ඊට අමතරව තනි භාවිත ප්ලාස්ටික් ආයතනය තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී ආර්” සංකල්පයට අනුගත වීම එනම් අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකළ යුතු වේ.

බොරතෙල් මිල ඉහළ⁣ට

බොරතෙල් මිල ඉහළ⁣ට

ලෝක වෙළඳපොළේ තෙල් මිල 2% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකය ඩොලර් 2.16කින් හෙවත් 2.37%කින් ඉහළ ගොස් බො⁣රතෙල් බැරලයක් ඩොලර් 93.28ක් ලෙස සටහන්ව ඇත.

අමෙරිකානු බොරතෙල් මිල දර්ශකය ඩොලර් 2.37කින් හෙවත් 2.71% කින් ඉහළ ගොස් බොරතෙල් බැරලයක් ඩොලර් 89.73ක් ලෙස සටහන්ව ඇත.

2026 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් තමන් සතු කරගනී

2026 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් තමන් සතු කරගනී

ඉන්දියන් ප්‍රීමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 155ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 156 ක ඉලක්කයක් හබා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම පන්දුවාර 18කදි කඩුලු 5ක් දැවි ලකුණු 161 ලබා ගනිමින්  2026 IPL කිරුළ තමන් සතු කරගැනීමට සමත් විය.

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංණයේදි අවසාන මහා තරගය පැවැත්විණ.

ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක්

ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක්

මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ජපාන රජය විසින් ලබාදී ඇත.

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර මිරිදිය ධීවරයින් නගා සිටුවීම සඳහා එම මූල්‍ය ප්‍රදානය ලබාදී ඇත.

අදාළ ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (29) වෙනිදා කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු විය. 

මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන අය අත්සන් තැබූහ.

බුදුදහම සහ ශාසනය අනතුරේ.. එජාපයෙන් නිවේදනයක්

බුදුදහම සහ ශාසනය අනතුරේ.. එජාපයෙන් නිවේදනයක්

රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මඟින් ශාසනයත්, බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද ක්‍රියාත්මක කරගෙන යන බවට සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත.

භික්ෂූ විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් ඇති බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන් පසුව තීරණ ගත යුතු බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

දුස්ශීල භික්ෂූන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ කිසිඳු විරුද්ධත්වයක් නැති නමුත් භික්ෂූ විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් පවතීන බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.