Local news

බිහිසුණු යුද්ධය නිසා ඉරාන ජාතිකයින්ගේ මරණ 3000 පනී

බිහිසුණු යුද්ධය නිසා ඉරාන ජාතිකයින්ගේ මරණ 3000 පනී

අමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී ඉරානයට එල්ල කළ ප්‍රහාර වලින් එරට පුද්ගලයින් 3,000කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බිහිසුණු යුද්ධයෙන් සිවිල් පුද්ගලයින් 1,701 දෙනෙකු මියගොස් ඇති බව අමෙරිකාව කේන්ද්‍ර කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සියක් (HRANA) සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි (28) වෙනිදා සිට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදා සාමාජිකයින් 1,221 දෙනෙකු සහ වර්ගීකරණය නොකළ මරණ 714ක් සිදුවී ඇති බවද එම ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

රණක්ෂිතයට පත් රණවිරුවන්ට නවීන විද්‍යුත් රෝද පුටු

රණක්ෂිතයට පත් රණවිරුවන්ට නවීන විද්‍යුත් රෝද පුටු

රණවිරු සුභසාධන ක්‍රියාවලියේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් රජයේ මූල්‍ය ප්‍රතිපාදන ඔස්සේ, රණක්ෂිතයට පත් රණවිරුවන් දස දෙනෙකු වෙත නවීන විද්‍යුත් රෝද පුටු ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බී. කොහොනගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් (09) දින රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේදී පැවැත්විණි.

මින් පෙර පෞද්ගලික පරිත්‍යාග මත සිදු කෙරුණු මෙවැනි පරිත්‍යාග වෙනුවට, රණවිරු සේවා අධිකාරියේ මැදිහත් වීමෙන් ප්‍රථම වතාවට රජයේ පුර්ණ මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් මෙම විද්‍යුත් රෝද පුටු තොගය ප්‍රදානය කර තිබීම විශේෂත්වයකි.

එහිදී උත්සව සභාව අමතමින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, පූර්ණ ආබාධිතතත්ත්වයේ පසුවන රණවිරුවන්ගේ දෛනික ජීවන කටයුතු වඩාත් පහසු කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙන බවයි.

ජාතියේ උත්තරීතර නිදහස වෙනුවෙන් තම ශරීර අවයව පරිත්‍යාග කරමින් අභීතව සටන් වැදුණු රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනපති ට්‍රම්ප් හදිසියේම නෙතන්යාහු අමතයි

ජනපති ට්‍රම්ප් හදිසියේම නෙතන්යාහු අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෙබනනය වෙත එල්ල කරන හමුදා ප්‍රහාර සීමා කරන ලෙසට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා ඇත.

මේ වනවිට ඉරානය සමග ආරම්භ වී ඇති තීරණාත්මක සාම සාකච්ඡා බාධාවකින් තොරව පවත්වාගෙන යාම එම ඉල්ලීමේ ප්‍රධාන අරමුණ බව වාර්තා වේ.

ඉරානය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අවදානමට ලක්වීම වැළැක්වීම සඳහා හමුදා ක්‍රියාමාර්ග අවම කරන ලෙස මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා ඉල්ලා ඇත.

මේ අතර ඊශ්‍රායලය තවදුරටත් ලෙබනනයට ප්‍රහාර එල්ල කළ හොත් ඉරානය සටන් විරාමයෙන් ඉවත්වන බවත් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටත් අනතුරු අඟවා ඇත.

හිස්බුල්ලා ප්‍රධානියාගේ පුද්ගලික ලේකම් ඝාතනය කරයි

හිස්බුල්ලා ප්‍රධානියාගේ පුද්ගලික ලේකම් ඝාතනය කරයි

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියාගේ ලේකම්වරයා මෙන්ම බෑනා වන අලි යූසුෆ් හර්ෂි ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියාගේ ලේකම්වරයා මියගොස් ඇති බව එම පුවත් සේවය සඳහන් කරයි.

කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියාගේ ලේකම්වරයාගේ මරණය ගැන එම සංවිධානය තවමත් තහවුරු කර නොමැත.

හෝමූස් සන්ධියේ මුහුදු බෝම්බ මගහැර යන්න ඉරානයෙන් සිතියමක්

හෝමූස් සන්ධියේ මුහුදු බෝම්බ මගහැර යන්න ඉරානයෙන් සිතියමක්

ඉරාන ඉස්ලාමීය ආරක්ෂක බළකායේ නාවික හමුදාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීම සඳහා නව සිතියමක් හඳුවන්වා දී ඇත.

හොමුස් සමුද්‍ර සන්ධියේ ඉරාන නාවික හමුදාව අටවා ඇති මුහුදු බෝම්බ මගහැර යාත්‍රා කිරීම සඳහා මෙම සිතියම භාවිතයට ගත හැකි බව ඉස්ලාමීය ආරක්ෂක බළකාය සඳහන් කරයි.

කෙසේ වෙතත් තවමත් හෝමුස් සමුද්‍ර සන්ධිය තෙල් ප්‍රවාහන නෞකා සඳහා සම්පූර්ණයෙන් විවෘත කර ඇත්දැයි ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

2025 (2026) අධ්‍යයන වර්ෂයට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව 2026 අප්‍රේල් (22) වනදා සිට මැයි (04) දින දක්වා සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෞන්දර්ය විෂයන් වල අවසාන ප්‍රතිඵල නියම කිරීම සඳහා ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ දෙකම අනිවාර්ය වන බැවින් එම කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට අදාළ විෂයේ ප්‍රතිඵල ලබා නොදෙන බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අපේක්ෂකයින් 162,587 දෙනෙකු සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,198කදී මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ නගර සභාවේ ගුටි කෙලියක්.. මන්ත්‍රීවරයෙක් රෝහලේ

කොළඹ නගර සභාවේ ගුටි කෙලියක්.. මන්ත්‍රීවරයෙක් රෝහලේ

අද (09) දින කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී රම්සි ටෝනි තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එම මන්ත්‍රීවරයාට පහරදී ඇත්තේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන උපාලි වැලිවත්ත බව වාර්තා වේ.

දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එම ගැටුමේදී රම්සි ටෝනි මන්ත්‍රීවරයාගේ නාසයට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එම පහරදීමට සම්බන්ධ මන්ත්‍රීවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ.

අමෙරිකා – ඉරාන යුද්ධයේ අවසන් තීරණයට සූදානම්.. ආරක්ෂාව දැඩි කරයි

අමෙරිකා – ඉරාන යුද්ධයේ අවසන් තීරණයට සූදානම්.. ආරක්ෂාව දැඩි කරයි

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා හේතුවෙන් දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක හේතූන් මත දින දෙකක කාලයක් ඉස්ලාමාබාද් නගරයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ලොක් ඩවුන් තත්ත්වයක පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සාම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance), ජනාධිපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් පකිස්තානයට පැමිණීමට නියමිතව ඇත.

ඉරානය විසින් යෝජනා කරන ලද කරුණු 10ක් මත පදනම් වු බැරෑරුම් සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් වෙත විශේෂ නියෝජිත පිරිසක් පැමිණෙන බව පාකිස්තානයේ ඉරාන තානාපතිවරයා සඳහන් කරයි.

එම නියෝජිතයින් නවාතැන් ගන්නා තරු පහේ සෙරීනා හෝටලය (Serena Hotel) කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 3ක ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

එම කලාපය තුළ දැඩි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති අතර සාමාන්‍ය ජනතාවගේ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අමෙරිකානු රහස් ඔත්තු සේවා කණ්ඩායම් දැනටමත් ඉස්ලාමාබාද් නුවරට පැමිණ ඇති බව වාර්තා වේ.

අවුරුදු සමයේ විශේෂ දුම්රිය කිහිපයක්

අවුරුදු සමයේ විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු උත්සව සමයේ ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන් අප්‍රේල් මස (11) වනදා සිට (19) වනදා දක්වා විශේෂ දුම්රිය කිහිපයක් එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය 2017 වසරේ සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය 2017 වසරේ සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

පසුගිය 2019 වසෙර්දී සිදුවු මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය පසුගිය 2017 වසරේ සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.