Local news

රන් භාණ්ඩ, උකස් ණය හා වාහන ණය රෙගුලාසි අද සිට දැඩි කරයි

රන් භාණ්ඩ, උකස් ණය හා වාහන ණය රෙගුලාසි අද සිට දැඩි කරයි

අද (25) දිනයේ සිට රන් භාණ්ඩ ඇපයට තබා ගන්නා උකස් ණය සහ වාහන සඳහා ලබාදෙන ණය වලට අදාළ රෙගුලාසි දැඩි කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගත හැකි උපරිම ණය සීමාව, එහි වටිනාකමෙන් 70%ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

නව රෙගුලාසිවලට අනුව වාහනයක් මිලදී ගැනීමේදී ලබා ගත හැකි උපරිම ණය සීමාව, 10% කින් අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනූව වාණිජ වාහන සඳහා ලබාදෙන ණය ප්‍රතිශතය, වටිනාකමෙන් 60%ක් වන අතර පෞද්ගලික වාහන සදහා වටිනාකමින් 40%ක ණය මුදලක් ලබාදෙයි.

මෙතෙක් වාණිජ වාහනයක් සඳහා වටිනාකමින් 70%ක්ද, පෞද්ගලික වාහනයක් සඳහා වටිනාකමින් 50% ක් ලබාදුන් අතර නව නීති, අද (25) සිට සහ අදින් පසු අලුත් කරන පෙර ලබාගත් ණය සඳහා ද, ක්‍රියාත්මකයි.

එලෙස නව නීති හඳුන්වාදී ඇත්තේ, බැංකු සහ මූල්‍ය සමාගම් මඟින් වඩාත් සැළකිලිමත්ව ණය ලබාදීම දිරිමත් කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ අරමුණින්.

අඟුණුකොලපැලැස්ස රැඳවියන් අධිකරණයට යෑම නවතී

අඟුණුකොලපැලැස්ස රැඳවියන් අධිකරණයට යෑම නවතී

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සදහා අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රැඳවියන් කිහිප දෙනෙකු රෝගී වීම හා එම රෝගී තත්ත්වය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කරයි.

දැනට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට අදාළ නඩු කටයුතු, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදුකෙරෙන බවද මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කරයි.

තවද වෙනත් බන්ධනාගාර වලින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැඳවියන් රැගෙන ඒම නවතා ඇති බවද මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කරයි.

හම්බන්තොට රෝහලට ඇතුලත් කල රැඳවියන්ගෙන් 7 දෙනෙකුට මෙනින්ජයිටිස් වැළදී නොමැති බව තහවුරු වී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කරයි.

මේ අතර පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු මියයයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

වැසි තත්ත්වයේ වැඩිවීමක්

වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාව⁣ට දැනුම් දෙයි.

අද විමල් අත්අඩංගුවට ගනී.?

අද විමල් අත්අඩංගුවට ගනී.?

පසුගියදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල ඇති වූ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට පොලිසියෙන් කැඳවීමක් කර ඇත.

ඒ අනුව එම සිදුවීමට අදාළව අද (25) දින ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මන්ත්‍රී විමල් වීරවංශට තලංගම පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇත.

මේ අතර රණවිරු ස්මාරකය අසල සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැනගන්න තියෙන විදියට තමන් අත්අඩංගුවට ගනීවි යැයි හිටපු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේය.

මොලේ උණ රෝගීන් ඉහළ⁣ට.. ජනතාවට දැනුම්දීමක්

මොලේ උණ රෝගීන් ඉහළ⁣ට.. ජනතාවට දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති උණ රෝගී තත්ත්වය මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගයක් බවට හඳුනාගෙන ඇතැයි, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කරයි.

ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28ක් වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13ක් සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25ක්  වාර්තා වී ඇති බවද වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කරයි.

වැසි සහිත කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී වෙසක් උත්සවයට සංවිධානය කෙරෙන දන්සල් හේතුවෙන් රෝගය තවදුරටත්  පැතිර යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර රෝගය වාර්තා වූ රෝගීන්ගේ සුසුම් තරල පරීක්ෂාවේදී එම රෝගය වාර්තා වූ වැඩි පිරිසක් ළමුන් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

එම රෝගී තත්ත්වය සමීප ආශ්‍රිතයින් පානය කරන ජලයෙන් සහ ස්පර්ශයෙන් බෝවන බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මෙහි රෝග ලක්ෂණ ලෙස උණ, හිසේ කැක්කුම, වමනය සහ ඔක්කාරය, බෙල්ල ආශ්‍රිත තද ස්වභාවය, හිරු එළියට නිරාවරණය වීමේ අපහසුතා හඳුනාගෙන ඇත.

විකෘති කළ වාහන අංක තහඩු වලට තහනමක්

විකෘති කළ වාහන අංක තහඩු වලට තහනමක්

නිල වාහන අංක තහඩු නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බව, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුව ‘A4’ ප්‍රමාණයේ කොළයක මුද්‍රණය කළ අංක තහඩුවක් ප්‍රදර්ශනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම ඉහළට

වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ සහ ප්‍රථම ලියාපදිංචියෙන් වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම ‘ණය සහ වටිනාකම අතර අනුපාතයන්’ (LTV Ratios) ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ඉහළ දමා ඇති අතර මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුයි.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් තවදුරටත් දැඩි කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. 

බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ සැමියා

බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ සැමියා

බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීම සම්බන්ධයෙන් මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය (18) වෙනිදා සවස ත්‍රිරෝද රථයකින් පැමිණි සැමියා අදාළ කාන්තාවකගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා පළා ගොස් ඇති අතර අනතුරුව බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල්ගත කර ඇති බවත් ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.

ඇයගේ මුහුණ සහ පපුව ප්‍රදේශය බරපතළ පිළිස්සුම් ලැබීම හේතුවෙන් ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වන අතර ඇයගෙන් මේ වන විටත් කටඋත්තර ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම කාන්තාවගේ නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති අතර අනතුරුව මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

අනතුරුව ඔහුගෙන් ලද ප්‍රකාශ අනුව සිද්ධිය සඳහා භාවිත කරන ලද පෙට්‍රල් බෝතලයක් සහ ත්‍රී රෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.

එහෙත් මෙම කාන්තාව විවිධ පුද්ගලයන් ඇසුර කර ඇති බවත් දින ගණනාවක් යන තුරු නැවත නිවසට නොපැමිණෙන බවත් ඇයට කොපමණ උපදෙස් ලබාදුන්න ද ඇය දිගින් දිගටම මෙලෙස අනාචාරයේ යෙදී ඇති බවද අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීට ඉහතදී කිසිම අපරාධයකට, කිසිම චෝදනාවකට ලක් නොවූ ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කළ අය බවට ප්‍රදේශවාසීන් පැවසු බව පොලිසිය සඳහන් කරයි.

එක් දිනකදී 2.7%කින් ඉහළ ගිය රුපියල

එක් දිනකදී 2.7%කින් ඉහළ ගිය රුපියල

පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියලේ අගය පසුගිය සිකුරාදා දින අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය මෙය බවත් එය එදින ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය පෙන්වූ මුදල් ඒකකය බවද ‘Bloomberg’වෙබ් අඩවිය සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිත බැවින් වෙළඳපොළේ සිටින පිරිස් තමන් සතු ඩොලර් විකිණීමට පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් ලෙස රජය පවසන බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය නෑ

මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය නෑ

මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කරයි.

“පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කළා පළාත් සභා ඡන්දය තියන්න අරමුණු කරගෙන. එහෙම තියෙද්දී තමයි දිට්වා කුණාටුව ආවේ. අපිට සිදුවුණ වුණා, අයවැයට වෙන් කරපු සල්ලි තියෙද්දී, රුපියල් බිලියන 500ක් ඒ කියන්නේ, කෝටි 5000ක් දිට්වා වෙනුවෙන් වෙන් කරන්න වුණා. ඒ නිසා මේ අවුරුද්දේ අපිට ඡන්ද කරන්න වෙන්නේ නෑ. 

ඒ අතර දැන් අලුත් ප්‍රශ්නයකුත් ඇවිත් තියෙනවා. පළාත් සභා ඡන්දය කල් යන්නේ රනිල් වික්‍රමසිංහලාගේ කාලයේ පළාත් සභා ඡන්දය තියන්න තිබුණ නීතියම ක්‍රියාමාර්ග අවුල් කිරීම නිසා දැන් අපි පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා. පළාත් සභා කුමන නීතියක් යටතේ ද තියන්නේ කියලා. ඒ කමිටු වාර්තාත් ලැබුණාම ඒ ගැනත් සලකලා බලලා ලබන අවුරුද්ද වෙනකොට වෙන ගැටලු ආවේ නැත්නම් පළාත් සභා තියාගන්න පුළුවන් වෙයි කියලා.”