Local news

වියට්නාම ජනාධිපති හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි

වියට්නාම ජනාධිපති හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) අද (08) දින කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

කොළඹ මහජන පුස්තකාලය වෙත පැමිණි වියට්නාම් ජනාධිපති ටෝ ලාම් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර කුඩා දරු දැරියෝ පිරිසක් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් වියට්නාම් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ.

හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක් වූ වියට්නාම් ජනාධිපතිවරයා පාසල් සිසුන් විසින් සිතුවම් කරන ලද චිත්‍ර නිර්මාණ නැරඹීමටද එක්විය.

අනතුරුව, කොළඹ මහජන පුස්තකාලයේ පිහිටා ඇති “වියට්නාම්-හෝ චි මිං පරිශ්‍රය” (Vietnam-Ho Chi Minh Space) පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක් වූ වියට්නාම් ජනාධිපතිවරයා එහි ඇති ඓතිහාසික ඡායාරූප එකතුව නැරඹීය.

මෙහිදී මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලාධිපති වරුණි ගඟබඩආරච්චි මහත්මිය විසින් හෝ චි මිං පරිශ්‍රය නවීකරණය කිරීමේ සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ වාස්තු විද්‍යාත්මක සැලසුම් පිළිබඳව පැහැදිලි කරන ලද අතර ඒ වෙනුවෙන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ වියට්නාමයේ රාජ්‍ය විගණන කාර්යාලයේ විගණකාධිපති න්ගුයෙන් හූ න්ගියා (Nguyen Huu Nghia) විසින් කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් වෙත ඇමෙරිකානු ඩොලර් 50,000ක්ද ප්‍රදානය කරන ලදී.

බරපතළ සැකයක් ඉතිරි කළ කපිලගේ මරණය.. පොලීසිය කරුණු වාර්තා කරයි

බරපතළ සැකයක් ඉතිරි කළ කපිලගේ මරණය.. පොලීසිය කරුණු වාර්තා කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී  කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

අද (08) උදෑසන කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර පොලීසිය විසින් සොයාගත් අතර නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ උපදෙස්මත ක්‍රියාත්මකයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෝඨාභයට නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෝඨාභයට නියෝගයක්

පසුගිය 2022 වසරේ මැයි (09) වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් අලාභ හානි සිදු වූ මැති ඇමතිවරුන්ගේ නිවාස වෙනුවෙන් ලබා දුන් වන්දි මුදල් සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් අද (08) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලයි.

අදාළ දේපළ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් නීති විරෝධී අයුරින් වන්දි ලබාගෙන ඇති බවත් එම මුදල් යළි රජයට අය කර ගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙම නඩුවට පදනම් වී ඇත.

එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළිත් නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය නියම කළේය.

අදාළ වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ලක්ෂ ගණනක බඩුත් සමග ඩුබායි සුද්දාගේ 7ක් අත්අඩංගුවට

ලක්ෂ ගණනක බඩුත් සමග ඩුබායි සුද්දාගේ 7ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි සුද්දාගේ” මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන බෙදුම්කරුවෙක් ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය පැකට් කරන තිප්පොළක් වැටලූ අවස්ථාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එහිදී රුපියල් ලක්‍ෂ 15කට අධික හෙරොයින් ග්‍රෑම් 50ක් හා අයිස් ග්‍රෑම් 25ක්, එම මත්ද්‍රව‍ය පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා අනෙකුත් උපකරණ පොලීසිය සිය භාරයට ගෙන ඇත.

වියට්නාම ජනපති පාර්ලිමේන්තුව අමතයි

වියට්නාම ජනපති පාර්ලිමේන්තුව අමතයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මේ වනවිට මෙරට පාර්ලිමේන්තුව අමතයි.

මෙලෙස විදෙස් රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව අමතන්නේ, වසර 11කට පසුව බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර සඳහන් කළාය.

අවසන් වරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය 2015 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ බවද මහලේකම් කුෂානි රෝහණධීර සඳහන් කළාය.

වියට්නාමයෙන් මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක් 

වියට්නාමයෙන් මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක් 

මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් වියට්නාම රජය විසින් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

තවද වියට්නාමයෙන් පොහොර ලබාගැනීමට කළ ඉල්ලීමට එරට රජය විසින් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදී ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා – වියට්නාම අතර අවබෝධතා ගිවිසුම් මෙන්න

ශ්‍රී ලංකා – වියට්නාම අතර අවබෝධතා ගිවිසුම් මෙන්න

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම් ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකට එළැඹුණි.

එහිදී හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම් පහතින්..

*මෙරට පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

*මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

*මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම,

*මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම,

*මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

මහින්දගේ නම හෙළිකල කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය

මහින්දගේ නම හෙළිකල කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හදිසියේම මියගොස් සිටියදී ඔහුගේ දේහය අද (08) දින ඔහුගේ කොල්ලුපිටිය පිහිටි නිවසේදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

එයාර් බස් ගනුදෙනුවකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන, ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ යළිත් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) වරෙන්තු නිකුත් කළේය.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා 14ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූවා යැයි කියන විශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳට එරෙහිව අල්ලස් කොමිසම මගින් නඩු පවරා තිබුණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන එයාර් බස් ගණුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක මුදලක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබාදුන් බව පසුගියදා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එළඹෙන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට පැමිණීමට තවත් දින කිහිපයක් තිබියදී කපිල චන්ද්‍රසේන හදිසියේම මරණයට පත්වෙයි.

ඇත්තටම මෙම මරණය, සියදිවි හානිකර ගැනීමක්ද.? ඝාතනයක්ද.? සියදිවි හානිකර ගැනීමට කවුරු හෝ පෙළඹුවාද.? යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකළ යුතුයි.

මෙය ඇත්ත අපරාධකරුවන් හංගන්න සිදුකළ තවත් සාක්ෂි විනාශ කිරීමක්ද.?

රාජාංගනේ හිමි අත්අඩංගුවට

රාජාංගනේ හිමි අත්අඩංගුවට

රාජාංගනේ සද්ධාරතන හිමි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම චීවරධාරියා සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව පසුගිය වසරේ කටයුතු යොදා තිබුණි.

එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ කපිල චන්ද්‍රසේන ඝාතනය කරලා.?

එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ කපිල චන්ද්‍රසේන ඝාතනය කරලා.?

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මියගොස් සිටියදී සිරුර සොයාගෙන ඇත.

ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (07) දින අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණි.

කපිල චන්ද්‍රසේනගේ මරණය සියදිවි හානි කරගැනීමක්ද.? නැතිනම් ඝාතනය කිරීමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර ඔහුගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.