Local news

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.!

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සමග ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

අවහිර වූ මාර්ග පද්ධතිය 85%ක් විවෘත කරයි.!

අවහිර වූ මාර්ග පද්ධතිය 85%ක් විවෘත කරයි.!

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් අවහිර වූ මාර්ගවලින් සියයට 85කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට විවෘත කර ඇති බවයි.

ආපදාවලින් හානි වූ සියලුම මාර්ග එලඹෙන සතිය තුළදී රථවාහන ධාවනය සදහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

මේ අතර, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න සහ කඩුගන්නාව අතර කොටස පස්වරු 6 සිට පෙරවරු 6 දක්වා රාත්‍රි කාලයේ තවදුරටත් වසා තැබෙනවා.

නායායෑම් අවදානම හේතුවෙන් කෑගල්ලේ සහ හැටන්වල ජනතාව ඉවත් කරයි.!

නායායෑම් අවදානම හේතුවෙන් කෑගල්ලේ සහ හැටන්වල ජනතාව ඉවත් කරයි.!

නායයෑම් අවදානමක් හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, රත්තාගල ප්‍රදේශයේ සහ හැටන්, රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටින පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව රුවන්වැල්ල රත්තාගල ප්‍රදේශයේ පවුල් 11ක් රත්තාගල ප්‍රාථමික විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම වටවල රොසැල්ල මාණික්කාවත්ත ජනපදයේ සිටි පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකුද එම ප්‍රදේශයෙන් ඉවත් කර වැලිඔය දමිළ මහා විද්‍යාලය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මියන්මාරයේ සිට ආධාර රැගත් ගුවන් යානයක් කටුනායකට ගොඩ බහී.!

මියන්මාරයේ සිට ආධාර රැගත් ගුවන් යානයක් කටුනායකට ගොඩ බහී.!

මියන්මාර රජයේ දූත පිරිසක් සමග ඊයේ (06) රාත්‍රියේ ආධාර රැගත් එරට හමුදාවේ ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් මෙම ගුවන් යානය සහ දූත පිරිස දිවයිනට පැමිණ ඇත.

සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද විශාල ප්‍රමාණයක් මෙම ආධාර තොගය තුල ඇතුළත් බව වාර්තා වෙයි.

මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික්, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් zසෝ  ෆියෝ වින් ඇතුළු එරට රජයේ නියෝජිත නියෝතවරියන් රැසක් එක්ව සිටිහය.

එමෙන්ම මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් සැලසුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.

අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ පැමිණිලි කියන්න දුරකථන අංකයක්.!

අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ පැමිණිලි කියන්න දුරකථන අංකයක්.!

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් දිවයින පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා “1904” ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී ඇත.

විදුලි සැපයුම, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, මහජන ප්‍රවාහනය සහ සැපයුම්, ජල සැපයුම සහ සනීපාරක්ෂාව, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සහ අති විශේෂ ගැසට් පත්‍ර අංක 2464/29 යටතේ ප්‍රකාශයට පත් කරන ලද වාරිමාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ ගැටලු වාර්තා කිරීමට මෙම ක්ෂණික ඇමතුම් අංකය භාවිතා කළ හැකිය.

හදිසි අවස්ථා හෝ සේවා බිඳ වැටීමකදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සඳහා නියමිත වේලාවට ප්‍රතිචාර දැක්වීම, වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ කාර්යක්ෂම විසඳුමක් සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙල හඳුන්වා දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් මියගිය ගණන 900 ඉක්මවයි.!

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් මියගිය ගණන 900 ඉක්මවයි.!

පසුගිය දිනවල ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 916ක් මියගොස් ඇති බවත් 274 දෙනෙකු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ගංගා ඉවුරු බිඳී ගොස් ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විටත් ඉන්දුනීසියාවේ ගලවා ගැනීමේ නිලධාරීන් විසින් මළ සිරුරු සොයා මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෙට සිට විශේෂ බස් රථ සේවාවක්.!

හෙට සිට විශේෂ බස් රථ සේවාවක්.!

දුම්රිය ප්‍රවේශ පත්‍ර මඟින් තම රාජකාරි බලා නුවර සිට කොළඹ සහ කුරුණෑගල සිට කොළඹ දක්වා යන මඟීන් වෙනුවෙන් හෙට (08) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

දැඩි ක්‍රියාමාර්ග ගන්න.. පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්.!

දැඩි ක්‍රියාමාර්ග ගන්න.. පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්.!

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ආපදාවට ලක්වූ පුද්ගලයින්ට ලබාදීමට රැගෙන යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ අතරමගදි බලහත්කාරයෙන් පැහැර ගැනීම වලක්වන්නැයි පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත එම චක්‍රලේඛය නිකුත් කරමින් උපදෙස් ලබාදී ඇත.

පරිත්‍යාගශීලින් ලබාදෙන සහනාධාර අතරමග රැඳී සිටින පිරිස් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා එම පියවර ගෙන ඇත.

අතරමගදි එම භාණ්ඩ බලහත්කාරයෙන් පැහැර ගැනීම වැලැක්වීමට පොලිස් වසම් තුල උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වුවහොත් නොපමාව විමර්ශන සිදුකර ඊට අදාල තැනැත්තන්ට එරෙහිව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන් වේ.

විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන පරිත්‍යාගශීලින් ආපදාවට ලක්ව සිටින ජනතාව වෙත භාණ්ඩ බෙදාහැරීම් සිදුකිරීමේදී එය ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය සහාය නොමදව ලබාදිය යුතු බවද පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්.!

හදිසි පාර්ලිමේන්තු රැස්වීමක්.!

අයහපත් කාලගුණයෙන් විනාශයට පත් වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් ‌කෝටි 5000ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන (19) වැනිදා පැවැත්වීමට නියමිතය.

දෙහිවල වෙඩි තැබීමක්.. අයෙක් මරුට.!

දෙහිවල වෙඩි තැබීමක්.. අයෙක් මරුට.!

අද (06) රාත්‍රියේ දෙහිවල A ක්වාටර්ස් ක්‍රීඩාංගනය ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.