Local news

අව්වයි වැස්සයි තියෙන වෙලාවට සජිත්ට දේදුන්නක් නම් පෙන්නන්න එපා.!

අව්වයි වැස්සයි තියෙන වෙලාවට සජිත්ට දේදුන්නක් නම් පෙන්නන්න එපා.!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය විසින් සමාජයේ භීතිකාවක් නිර්මාණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

“නිකමට හරි, අපි ඇත්තටම කියන්න ඕන සජිත් ප්‍රේමදාසත් එක්ක වාහනේ යන ආරක්ෂකයන්ට ඔය අව්වයි වැස්සයි දෙකම තියෙන වෙලාවක දේදුන්නක් එහෙම දැක්කොත් සජිත්ට පෙන්නන්න එපා.

දැක්ක ගමන් සමලිංගික නැමියාවක් එන්න පුළුවන් පොරට. ඇත්තනේ. දැන් මේ පොතේ පිටකවරේ බලලා එහෙම එකක් එනවා නම්, දේදුන්නක් දැක්කාම එහෙම වෙනවා නම් අපෙ හාමුදුරුවනේ,

අපේ මේ අධ්‍යාපනයට තමන්ගේ දරුවා පිළිබඳව ඉතාම ආදරයෙන්, දරුවෝ හදන, වඩන, ඉස්කෝලේ යවන දෙමාපියන් බය කරන්න කියපු දේවල්.”

බණ්ඩාරගම පැවති සම්මන්ත්‍රණයකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

ඉන්ධන මිල සංශෝධනය කරයි.!

ඉන්ධන මිල සංශෝධනය කරයි.!

අද (31) දින මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවයි.!

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ ලබන (03) වැනිදා පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ.

සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාලව පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂ කැඳවා ඇති බව වාර්තා වේ.

මේ අතර සිරි­ලිය ගිණුමේ තිබූ රුපි­යල් ලක්ෂ 350ක් වැය කර ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන ඇති බවට විම­ර්ශ­න­යක් සිදු කරන ලෙස අල්ලස දූෂණය නාස්ති­යට එරෙහි සංවිධානය මේ වනවිට අල්ලස් හෝ දුෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට පැමිණිල්ලක් කර ඇත.

පුංචි දේ ලොකු කරගත් පියා තම 14 හැවිරිදි දියණිය ඝාතනය කරයි.!

පුංචි දේ ලොකු කරගත් පියා තම 14 හැවිරිදි දියණිය ඝාතනය කරයි.!

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය සඳහන් කරයි.

මියගිය දැරිය හා පියා අතර ඇතිවූ මෙම ආරවුලේදී පියා විසින් කැත්තකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තුවාල ලැබූ දියණිය ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර එලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

දියණියට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකාර පිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අති විශේෂ ගැසට් නිවේදනයක්.!

අති විශේෂ ගැසට් නිවේදනයක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මට නම් තේරෙන්නේ මොලේ මඤ්ඤං කියලා.!

මට නම් තේරෙන්නේ මොලේ මඤ්ඤං කියලා.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අද දින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දැඩි විවේචනයක් කළේය.

හිටපු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ,

“උදේට ඉන්න විපක්ෂ නායක නෙමෙයි රෑට ඉන්නේ. එක වෙලාවකට එකක් කියනවා. තව වෙලාවකට තව එකක් කියනවා.

දැන් ආණ්ඩුවට වුණත් මේක කල්දාන්න සිද්ධ වුණේ කල්දැමීම හැර ගන්න වෙන විකල්පයක් නොතිබුණ නිසා.

ඉතින් එහෙම තත්ත්වයක් යටතේ ආයෙ විපක්ෂ නායකතුමා කියනවා නම් තිබ්බ විදිහටම ගේන්න කියලා, මට නම් තේරෙන්නේ මොලේ මඤ්ඤං කියලා තමයි.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව සඳහන් කරයි.

ගිනි අවි බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්.!

ගිනි අවි බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්.!

2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම 2026.01.31 දිනෙන් අවසන් වී ඇත.

එදිනට බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි හිමිකරුවන් තුවක්කු ආඥාපනතේ 22 වගන්ති ප්‍රකාරව 2026.02.10 වන දිනට පෙර දඩ මුදල් ගෙවා ගිනි අවි බලපත්‍ර අලුත්කර ගැනීම සිදුකල යුතුය.

එදිනට බලපත්‍ර අලුත් නොකරන සියලු ගිනි අවි හිමිකරුවන් සඳහා තුවක්කු ආඥාපනතේ 22 වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම යටතේ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව සඳහන් කරයි.

ජනපති පස්වන නමත් යෝජනා කරයි.!

ජනපති පස්වන නමත් යෝජනා කරයි.!

පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තවත් නමක් යෝජනා කර ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පස්වන නම යෝජනා කළ බවත් හෙට (31) දින රැස්වන ව්‍යවස්ථාදායක සභාව රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතියි.

නිපා වෛරසය ලංකාවට බලපායිද.?

නිපා වෛරසය ලංකාවට බලපායිද.?

මෑත කාලයේ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් “නිපා වෛරස” ආසාදිතයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග ඒ සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක පැතිර යන “නිපා වෛරසය” මෙරටට ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් එම වෛරසය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් රට තුළ පවතින බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

ත්‍රිකුණාමලය සිද්ධියේ නියෝගයට දින නියම වෙයි.!

ත්‍රිකුණාමලය සිද්ධියේ නියෝගයට දින නියම වෙයි.!

ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමි රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන රිට් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන (03) වනදා දක්වා කල් තබනු ලැබීය.

මෙම නියෝගය අද (30) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. 

එහෙත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නිවේදනය කළේ මෙම නඩු නියෝගය සූදානම් නොමැති බවයි. ඒ අනුව මෙම නියෝගය ලබන (03) වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරුවරයා නිවේදනය කළේය.