Local news

කාලගුණය කැළඹෙයි.. ඉදිරි පැය 24 ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

කාලගුණය කැළඹෙයි.. ඉදිරි පැය 24 ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් අද (12) රාත්‍රියේ සිට ඉදිරි දින තුනක කාලය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් එනිසා ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

මේ අතර ඉදිරි වාර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේ ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් තෙත් කලාපයේ ඇතැම් ගංඟා ද්‍රෝණිවල ජලමට්ටම් මේ වනවිටත් ඉහළ මට්ටමක පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

විශේෂයෙන් පොල්අතුමෝදර සහ බෙන්තර වැනි කුඩා ගංඟා ද්‍රෝණිවලද ජලමට්ටම් ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ස්ථානවල ජලමට්ටම් අවදානම් මට්ටමට ආසන්නව පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

ඉදිරි කාලගුණ අනාවැකි අනුව මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට මෙන්ම වියළි කලාපයට ජලය ගලා බසින ගංඟාවලද ජලමට්ටම් ඉහළ යා හැකි බවත් වියළි කලාපයේ ප්‍රදේශ වලට වර්ෂාව ලැබීමත් සමඟ ඇතැම් ගංඟාවල ජලමට්ටම් හදිසියේ ඉහළ යා හැකි බවද ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කරයි.

එනිසා ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර ජනතාව⁣ට දැනුම් දෙයි.

ශෂී වීරවංශගේ නඩුවට දින නියම කරයි

ශෂී වීරවංශගේ නඩුවට දින නියම කරයි

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාල නඩුකරය අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අවස්ථාවේදී සිරදඬුවම් නියම වී මේ වනවිට ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී නියම වී ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

අනතුරුව එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කිරිම සඳහා අදාළ පැමිණිල්ල ලබන (26) වනදා කැඳවන ලෙස නියම කළේය.

ශිරන්තිට අසාධ්‍යයි.. වහාම ජාතික රෝහලට

ශිරන්තිට අසාධ්‍යයි.. වහාම ජාතික රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර ඇත.

බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න සඳහන් කරයි.

මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

මන්ත්‍රී චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්තාවේදි අත්අඩංගුවට ගෙන ඇත.

පතල් කැණීම් බලපත්‍ර ලබාදීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබාගත් බව කියන සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ඒම කැඳවීම සිදුකර ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරයි.

අයිස් කහඳගමට දුන් නියෝගය

අයිස් කහඳගමට දුන් නියෝගය

මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අද (12) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කළේය.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය (06) වනදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගෙන් අද (12) දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන්නේය.

ඒ අනුව රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඔක්තෝබර් (26) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්තේය.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ පෙත්සම

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ පෙත්සම

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද (12) දින අභියාචනාධිකරණය හමුවේ කැඳවයි.

අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එය වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස (16) වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

මහින්දට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයට

මහින්දට අසාධ්‍යයි.. දැඩි සත්කාර ඒකකයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.

මහින්ද රාජපක්ෂව මෙලෙස පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ටික වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව වාර්තා වේ.

අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇත.

ඇතුලේ ඉන්න ශිරන්තිගේ තුරුම්පුව අසාර්ථකයි

ඇතුලේ ඉන්න ශිරන්තිගේ තුරුම්පුව අසාර්ථකයි

“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාස විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙම අපේක්ෂිත ඇප අයදුම්පත පසුගිය (06) වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූවේය.

එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධව කරුණු වාර්තා කරන ලෙසට නොතීසි නිකුත් කළේය.

හිටපු මන්ත්‍රී චන්දිම අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු මන්ත්‍රී චන්දිම අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩ් අද (12) දින අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.

සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.

කොන්දේසි හතයි.. රියාද් වෙත නැවතත් ප්‍රහාර

කොන්දේසි හතයි.. රියාද් වෙත නැවතත් ප්‍රහාර

අද (12) දින සෞදි අරාබියේ රියාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම ගුවන්තොටුපොළේ සිව්වන පර්යන්තය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූ බවත් ඒ හේතුවෙන් ගින්නක් හටගත් බව සෞදි බලධාරීන් සඳහන් කරයි.

මේ අතර ඊයේ (11) දිනයේදී ද මෙම ගුවන්තොටුපොළ වෙත ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.

ටෙහෙරානය විසින් යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමක් ඉදිරිපත් කර ඇති අතර එහි කොන්දේසි හතෙන් සමහරක් එක්සත් ජනපදය විසින් පිළිගෙන ඇති බව ඉරානයේ ආරක්ෂක ප්‍රධානී මොහ්සන් රෙසායි පවසන නමුත්, එම ප්‍රතිචාරය “ප්‍රමාණවත් නොවන” බව ඔහු සඳහන් කරයි.

Follow WhatsApp Channel