Local news

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට දුන් නියෝගය

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට දුන් නියෝගය

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 50 බැගින් වූ ශරීර දෙකක් මත මුදාහැර ඇති අතර එම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

දූෂණ චෝදනා මත හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට ගෙන ඇත.

සුගීශ්වරට ඇප නෑ.. අධිකරණයෙන් නියෝග

සුගීශ්වරට ඇප නෑ.. අධිකරණයෙන් නියෝග

ජනාධිපති වි⁣⁣ශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ලෙස සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ⁣ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරට පොදු දේපොළ පනත යටතේ ඇප ලබාදීමට තරම් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් වී නැතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (08) තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ⁣ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන විසින් ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (22) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

රනිල්ට අද මොකද වෙන්නේ.?

රනිල්ට අද මොකද වෙන්නේ.?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (08) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට යාමට රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

කපිල චන්ද්‍රසේනගේ මරණය – රජයේ රස පරීක්ෂකට සිහිකැඳවීමක්

කපිල චන්ද්‍රසේනගේ මරණය – රජයේ රස පරීක්ෂකට සිහිකැඳවීමක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුත්ත අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී කපිල චන්ද්‍රසේන මරණයට පත්ව සිටි ස්ථානයේ තිබී සොයා ගන්නා ලද නාඳුනන ඖෂධ වර්ග පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමු කළේය.

තවද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කරනු ලැබීය. 

තවත් බන්ධනාගාර රැඳවියෙක් මරුට

තවත් බන්ධනාගාර රැඳවියෙක් මරුට

මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහල‌ වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට

මියගිය නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට

බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවේය.

එම නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතය.

බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

තත්ත්වය බැරැරුම්.. නාමල්ගෙන් සජිත්ට ලිපියක්

තත්ත්වය බැරැරුම්.. නාමල්ගෙන් සජිත්ට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමුකර ඇත.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම ලිපිය යවමින් ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ දරමින් නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමට එරෙහිව සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය අගයන පක්ෂවල නැගී සිටීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.

වත්මන් ආණ්ඩුව මේ වනවිට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට උත්සාහ දරණ බවට තමන්ගේ විශ්වාසය බවද මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

එනිසා සියලු ප්‍රජාතන්ත්‍රවාදය අගයන පක්ෂ මෙම පත්ව ඇති බැරෑරුම් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවීමක් කරන ලෙස මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියි.

පාකිස්තාන ගුවන් යානයක් උඩුගුවනේදී අතුරුදන්

පාකිස්තාන ගුවන් යානයක් උඩුගුවනේදී අතුරුදන්

පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට පාකිස්තානයේ කරාචි බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අතුරුදන් වී ඇත.

එම සිද්ධිය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.

මෙම ගුවන් යානය මාර්ගෝපදේශන පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමනාගමන පාලකයන් සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටුණ බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් සඳහන් කරයි.

ගුවන් යානය මුහුදට කඩා වැටී තිබිය හැකි බවට සැක පළ කළද, එය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

බන්ධනාගාර ගැටුමෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

බන්ධනාගාර ගැටුමෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කරයි.