Foreign news (Sinhala)

චීන නෞකාවෙන් පිලිපීන නෞකාවකට ප්‍රහාරයක්.!

චීන නෞකාවෙන් පිලිපීන නෞකාවකට ප්‍රහාරයක්.!

පිලිපීන වෙරළාරක්ෂක නෞකාවක් දකුණු චීන මුහුදේ යාත්‍රා කරමින් සිටියදී චීන නෞකාවකින් ජල ප්‍රහාර එල්ල කර ඇති බවට පිලිපීනය චෝදනා කරයි.

මතභේදයට තුඩු දී ඇති ස්ප්‍රිට්ලි දූපතේ රැඳී සිටින පිලිපීන හමුදාව වෙත සැපයුම් රැගෙන ගිය නෞකාවකට එලෙස ජල ප්‍රහාර එල්ල කර ඇති බවද සදහන් කරයි.

චීන නෞකාවේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව සදහන් කර ඇත්තේ, චීනය සිදුකළ මෙම භයානක ක්‍රියාව තරයේ හෙළා දකින බවත් චීන නාවුක හමුදාව එහි වගකීම භාරගත යුතු බවයි.

එම ස්ප්‍රිට්ලි දූපත ඇතුළු සමස්ත දකුණු චීන මුහුදු කලාපයට පිලිපීනය, මැලේසියාව, වියට්නාමය, බෘෘනායි හා තායිවානය හිමිකම් කියන අතර චීනය සදහන් කරන්නේ එම කලාපයේ බලය තමන් සතු බවයි.

Loading

නව කොරෝනා වෛරස ප්‍රභේදයක්.!

නව කොරෝනා වෛරස ප්‍රභේදයක්.!

නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ඉතාම වේගයෙන් රට පුරා ව්‍යාප්ත වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ඒජන්සිය සදහන් කරයි.

EG.5.1 හෙවත් Eris ලෙස මෙම නව කොවිඩ් ප්‍රභේදය හදුන්වන අතර කොවිඩ් වෛරසයේ ඔමික්‍රෝන් උප ප්‍රභේදයක් බවද එරට වෛද්‍යවරුන් සදහන් කරයි.

Loading

පාසල් දැරියන්ගේ ඉගෙනීම තහනම් කරයි.!

පාසල් දැරියන්ගේ ඉගෙනීම තහනම් කරයි.!

ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතීන් මර්දනය කිරීමේ තවත් පියවරක් ලෙස වයස අවුරුදු 10ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන ඇත.

අවුරුදු 10ට අඩු කුඩා දැරියන් පාසල් හෝ අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර නොගන්නා ලෙසට තලෙයිබාන් පාලනය විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට සහ අදාළ බලධාරීන් වෙත දැනුම් දී ඇත.

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය ඇතුළු අයිතීන් රැසක් අහිමි කිරීමටත් රූපලාවන්‍යාගාර, කායවර්ධන ස්ථාන හා උද්‍යාන වෙත යෑම පවා කාන්තාවන්ට තහනම් කිරීමට තලෙයිබාන් පාලනය පියවර ගෙන ඇත.

Loading

වසර 46,000ක් වයසැති පණුවෙක් හමුවෙයි.!

වසර 46,000ක් වයසැති පණුවෙක් හමුවෙයි.!

වසර 46,000ක් පමණ වයසැති විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී ඇත.

මෙම පණු විශේෂය සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.

මෙම පණුවන් නිද්‍රා ස්වභාවයේ සිටයදී විද්‍යාඥයන් විසින් ජලය හා ආහාර ලබාදී ඇති අතර ඉන් අනතුරුව එම පණුවන් නිද්‍රා තත්වයෙන් මිදී පියවි තත්වයට පත් වු බව විද්‍යාඥයන් සදහන් කරයි.

මෙම පණුවන් අලි අතුන්ට සමාන ලෝම මැමතුන් වාසය කළ ප්ලීස්ටොසීන (Pleistocene) යුගයේ අවසාන භාගයට අයත් සත්ව විශේෂයක් බව විද්‍යාඥයන් සදහන් කරයි.

සයිබීරියානු පණුවාගේ පැවැත්මේ යාන්ත්‍රණය ලොව පුරා රසායනාගාරවල භාවිතා වන ආදර්ශ ජීවියෙකු වන Caenorhabditis elegans තවත් නෙමටෝඩා විශේෂයක ඇති එකක් සමඟ සංසන්දනය කර ඇත.

මෙම නෙමටෝඩාවන් සමඟ හමුවන ශාක ද්‍රව්‍ය පිළිබඳ කාල නිර්ණය මත පදනම්ව P. kolymaensis පණුවන් ඇත්ත වශයෙන්ම වසර 46,000ක් පැරණි බව විද්‍යාඥයන් සදහන් කරයි.

Loading

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සිරදඬුවම්.!

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සිරදඬුවම්.!

දූෂණ චෝදනා සම්බන්ධයෙන් බලයෙන් පහකළ පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇත.

ඉම්රාන් ඛාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉස්ලාමාබාද්හි අධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර හිටපු අගමැතිවරයා ලාහෝර්හි පිහිටි ඔහුගේ නිවසේ සිට අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවද හිටපු අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර ඇත.

ඉම්රාන් ඛාන් පසුගිය 2018 වසරේදී අගමැතිවරයා ලෙස තේරී පත් වූ නමුත් පසුගිය වසරේ විශ්වාසභංග ඡන්දයකින් ඔහුව නෙරපා හැරියේය.

Loading

බිඳවැටුණු සබඳතා යළිත් අරඹයි.!

බිඳවැටුණු සබඳතා යළිත් අරඹයි.!

මාස කිහිපයකට පෙර නැතිවූ වොයේජර් 2 ගවේෂණ යානය සමඟ බිදවැටුණු සබඳතා යළිත් ආරම්භ කිරීමට හැකි වු බව නාසා ආයතනය සදහන් කරයි.

පසුගිය ජූලි මාසයේදී වොයේජර් 2 අභ්‍යවකාශ යානයට වැරදි විධානයක් ලබාදී ඇන්ටනාව අංශක දෙකකින් පෘථිවියෙන් ඉවතට හැරී ගොස් සියලුම සබඳතා බිද වැටුණි.

වොයේජර් 2 යානය පෘථිවියේ සිට සැතපුම් බිලියන ගණනක් ඈතින් ඇති බැවින් අන්තර් තාරකා විධානය ක්‍රියාත්මක වූයේදැයි සොයා බැලීමට මෙහෙයුම් පාලකයන්ට පැය 37ක් ගත විය.

යානයේ සන්නිවේදනය නැති වූ පසු, ගවේෂණයට විධාන ලබා ගැනීමට හෝ නාසා හි ගැඹුරු අභ්‍යවකාශ ජාලයට දත්ත ආපසු යැවීමට නොහැකි වී ඇති අතර ඊයේ (04) දින තහවුරු කළේ යානයෙන් දත්ත ලැබී ඇති බවත් එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය.

විද්‍යා උපකරණ සහිත අභ්‍යවකාශ යානය විශ්වය හරහා එහි සැලසුම්ගත ගමන් පථයේ පවතිනු ඇතැයි නාසා ආයතනය අපේක්ෂා කරයි.

Loading

ISIS සංවිධානයේ නායකයා මරුට.!

ISIS සංවිධානයේ නායකයා මරුට.!

ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු අල් හුසේන් ඇතිවු ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය සදහන් කරයි.

අබු අල් හුසේන් ISIS සංවිධානයේ සිව්වන නායකයා වන අතර හයාට් අල් සීර් නම් තවත් අන්තවාදී සංවිධානයක් සමග ඇතිවු ගැටුමකදී ඔහු මියගොස් ඇත.

ISIS සංවිධානයේ නව නායකයා ලෙස අබි හෆ්සාන් අල් හසීම් නම් පුද්ගලයෙක් පත් කර ඇති බව වාර්තා වේ.

Loading

නියමුවන් දෙදෙනාට දිවි අහිමිකළ ගුවන් අනතුර.!

නියමුවන් දෙදෙනාට දිවි අහිමිකළ ගුවන් අනතුර.!

ග්‍රීසියේ ගුවන් හමුදාවට අයත් යානයක් කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ප්ලැටනිස්ටෝස් හි ලැව්ගිනි නිවීමේ මෙහෙයුමක් අතරතුර Canadair CL-215 යන ගුවන් යානය මෙලෙස කඩාවැටී අනතුර සිදුව ඇති බවද එම නිවේදනයේ සදහන් කරයි.

එම යානයේ 34 හැවිරිදි කපිතාන් සහ 27 හැවිරිදි සහය නියමුවා එලෙස මියගොස් ඇති බවත් රාජකාරියේ යෙදී සිටියදී සිදුවු ජීවිත හානිය වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කළ බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

Loading

ඉන්දීය අගමැති මෝදිට එරෙහිව විශ්වාසභංගයක්.!

ඉන්දීය අගමැති මෝදිට එරෙහිව විශ්වාසභංගයක්.!

වාර්ගික ගැටුම් පසුගිය මැයි මාසයේදී ආරම්භ වු අතර එම ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 130 දෙනකු මියගොස් 60,000 කට උන්හිටිතැන් අහිමි වී ඇති බව වාර්තා වේ.

එම ගැටුම් තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වන බවද වාර්තා වේ.

ආසන 542ක් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට ආසන 301ක් සහ විපක්ෂයට ආසන 241ක් පවතී.

පාර්ලිමේන්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සන්ධානගත වී විශ්වාසභංගයක් ඉදිරිපත් කළත් එය පරාජය කිරීමේ හැකියාව භාරතීය ජනතා පක්ෂය සතු වේ.

Loading

ෆේස්බුක් සමාගමට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝගයක්.!

ෆේස්බුක් සමාගමට වැඩ වරදී.. අධිකරණයෙන් නියෝගයක්.!

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණය විසින් මෙටා සමාගමට (Facebook) ඩොලර් මිලියන 14 ක වන්දි මුදලක් ගෙවන ලෙසට නියෝග කර ඇත.

මෙටා සමාගම විසින් එම ඩොලර් මිලියන 14 ක වන්දි මුදල ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටද ෆෙඩරල් අධිකරණය නියෝග කර ඇත.

සිය පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීම සම්බන්ධව චෝදනාවකට මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් එම නඩුව පවරා ඇත.

එම චෝදනාව වන්නේ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා සිය පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීමයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close