Top Story

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ 12 දෙනෙකුට මරණ දඬුවම.! [Breaking News]

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ 12 දෙනෙකුට මරණ දඬුවම.! [Breaking News]

අද (11) පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ නඩුවේ චෝදනාවලට වරදකරුවන් වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයමෙම නියෝගය ලබා දී තිබේ.

පසුගිය 2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත්කෙරිණි.

එවක පැවති රාජපක්ෂ රජයේ ආධාරකරුවන් පිරිසක් විසින් අරගලයට පහරදීමක් සිදුකළ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම CCTV කැමරාවල සටහන්ව තිබුණි.

එනතුරුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් 41 දෙනෙකෙුට එරෙහිව නඩු පවරනු ලැබීය.

එම ම්ලේච්ඡ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නඩු කටයුතුවලින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.

මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබීය.

ඒ අනුව මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් පත්කළේය.

අධි චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබූ අතර, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරුණි.

මෙම නඩුව තීන්දුව සඳහා ඉකුත් ජනවාරි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් 37 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු මඬුල්ල විසින් අද දිනට කල් තැබීය.

ජනපති අනුරට නානුඔය වතු සේවකයින්ගෙන් මල් මිටක්.!

ජනපති අනුරට නානුඔය වතු සේවකයින්ගෙන් මල් මිටක්.!

අද (11) උදෑසන නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවට වතුයායන්හි වතු සේවකයින් පිරිසක් හමුවී ඔවුන් සමඟ කෙටි සාකච්ඡාවක නිරත විය.

ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වතු සේවකයින් විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගත් අතර, තමන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ස්තූතිය ද පළ කර සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ වැටුප් වැඩි කිරීමට පමණක් නොව, වතු කම්කරුවන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි එකම ජනාධිපතිවරයා බවද එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වතු කම්කරුවන් සඳහන් කළේය.

බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට.!

බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට.!

විදෙස් මාධ්‍ය පවසන්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් හත් දෙනෙකු පමණ මියගොස් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ පිරිස් මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් රැසක් සිට ඇති අතර, සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ විසින් පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන් වටලා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්ත කරයි.

ආරක්ෂක අංශ විසින් සිදුකල වෙඩිතැබීමෙන් වෙඩික්කරුද මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

හිටපු අයගේ කෙරුවාව සහ ජනපති අනුරගේ මූල්‍ය විනය.!

හිටපු අයගේ කෙරුවාව සහ ජනපති අනුරගේ මූල්‍ය විනය.!

පසුගිය වසරවල රජයේ දිනක ආදායම, වියදම සහ ණයගැතිභාවය පහතින් දැක්වෙයි.

*2020 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 3.8ක් වන අතර 2020 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 8.3කි.

ඒ අනුව 2020 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 4.6 පනී.

*2022 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 5.5ක් වන අතර 2022 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 12.3යි.

ඒ අනුව 2022 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 6.7 පනී.

*2023 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 8.4ක් වන අතර 2023 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 14.7යි.

ඒ අනුව 2023 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 6.3 පනී.

*2024 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 11.2ක් වන අතර 2024 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 16.8යි.

ඒ අනුව 2024 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 5.6 පනී.

*2025 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 14.85ක් වන අතර 2025 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 15.83යි.

2025 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 0.98යි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව විශාල ණය පරතරය රුපියල් බිලියන 0.98ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කර ඇත.

ජනපති අනුරගේ ඉල්ලීම පිළිගත් පකිස්ථානය ඉන්දියාව සමග තරග බිමට.!

ජනපති අනුරගේ ඉල්ලීම පිළිගත් පකිස්ථානය ඉන්දියාව සමග තරග බිමට.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එළඹෙන (15) වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමේ තීරණය පාකිස්තානය විසින් ආපසු හරවා ගෙන ඇත.

පාකිස්තාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂෙරීෆ් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක දුරකථන සංවාදයකදී, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී පාකිස්තාන ඉන්දියානු තරඟය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බලා ඇත.

ෂෙබාස් ෂෙරීෆ්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනකට අනුව, ජනාධිපති දිසානායක පෞද්ගලිකව අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පාකිස්තාන ඉන්දීය තරඟය ක්‍රීඩා කරන ලෙසයි.

පාකිස්තාන අගමැති ෂෙරීෆ් එම හැඟීම් උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකාවේ නොසැලෙන සහයෝගයට කෘතඥතාව පළ කළේය.

පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් සතුටට පත් කළ සහ ආරක්ෂක ගැටළු හේතුවෙන් වසර ගණනාවක් හුදකලා වීමෙන් පසු ජාතිය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත පණ ගැන්වූ පියවරක් ලෙස ශ්‍රී ලංකාව මෑතකදී පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව විශේෂයෙන් ප්‍රශංසා කළේය.

“ශ්‍රී ලංකාව දුෂ්කර කාලවලදී දැඩි ලෙස සහාය දුන් අතර පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව දිගටම කරගෙන ගියේය” යනුවෙන් අගමැති ෂෙරීෆ් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ නිල ප්‍රකාශයේ සඳහන් වේ.

කථානායකවරයාට එරෙහිව චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට දුන් චෝදනා 08 මොනවාද.?

කථානායකවරයාට එරෙහිව චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට දුන් චෝදනා 08 මොනවාද.?

කථානායකවරයාට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කළේය.

ඒ අනුව කථානායකවරයාට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් චෝදනා 08ක් ඉදිරිපත් කර ඇත.

01. නීති විරෝධී ලෙස වාහන අවභාවිතය.

02. ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම.

03. පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය.

04. නියමිත මුදල ගෙවන්නේ නැතිව පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම.

05. නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියෙක් පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවන අතර ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම.

06. නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිත කිරීම.

07. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු දීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කිරීම.

08. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත් වීම.

මේ අතර වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ල විභාග කිරීමට ද එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

සෞඛ්‍ය ඇමති විමල්ගෙන් සහ ස්වර්ණවාහිනියෙන් රුපියල් බිලියන බැගින් ඉල්ලයි.!

සෞඛ්‍ය ඇමති විමල්ගෙන් සහ ස්වර්ණවාහිනියෙන් රුපියල් බිලියන බැගින් ඉල්ලයි.!

පසුගිය 2026 පෙබරවාරි 06 වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ අදාළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.

අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වනුයේ අමාත්‍යවරයාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සහ එය ප්‍රචාරය කිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන ඇති බවයි.

මෙරටදී අසාධු ලේඛනගත ඖෂධ සමාගම් හිමිකරුවෙකුට අයත් ණය කාඩ්පතක් භාවිතා කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට ඒත්තු යන ආකාරයෙන් සහ හැඟවෙන පරිදි හිටපු මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇති බව එම නිවේදනයේ සඳහන්.

මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් ස්වර්ණවාහිනී නාලිකාව විසින් 2026 පෙබරවාරි 07 වනදා රාත්‍රී 6.50 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ “Story of the Day” යනුවෙන් විශේෂාංගයක් ලෙස හැඳින්වීමක් ද සහිතව එම පුවත ප්‍රචාරය කර තිබේ.

අදාළ ප්‍රවෘත්තිය විකාශය කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් සිදු නොකළ බවත්, කරුණු දැක්වීමට අමාත්‍යවරයාට එම වැඩසටහන තුළ අවස්ථාවක් ලබා නොදුන් බවත් යොමු කළ එන්තරවාසියේ සඳහන් කර ඇත.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවත්, එය හුදෙක් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට හානි කිරීමේ ද්වේශසහගත අරමුණින් සිදු කර ඇති බවත් නීතිඥවරයා මගින් යැවූ ලිපියේ අවධාරණය කර තිබේ.

එබැවින් සිදු වූ හානිය වෙනුවෙන් විමල් වීරවංශ මහතාගෙන් මෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවට හිමිකාරීත්වය දරන Ben Holdings (PVT) Ltd සහ EAP Broadcasting Company Limited යන ආයතනවලින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා ඇති අතර, එසේ නොමැති නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289ක් මේ වන විට පවරා ඇති බවයි.

ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පල කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුළියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෘෘරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

එම අධිකාරිය පවසන්නේ 1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දන්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බවයි.

ඒ අතරින් නඩු 1,683ක් ජනවාරි මාසයේ කැඳවා තිබූ බව ද ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

තැපැල් ගාස්තු ඉහළට.!

තැපැල් ගාස්තු ඉහළට.!

තැපැල් ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම නව මිල ගණන් හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 50ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර ඇත.

ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම් කලාපය ලෙස කොටස් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර, ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා ඉහළ නංවා ඇත.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි.!

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි.!

මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මත වී ඇත.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණයි.

ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වම් අඩෛක්කලනාදන් ඊට විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 80 යෝජනා සම්මතය වැඩි ඡන්ද 104කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක දැනුම් දුන්නේය.