සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ ඔහුගේ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකට වැරදිකරුවන් බවට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි තීරණය කර ඇත.
තවද ඇමති ආරක්ශක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකට වැරදිකරු බවට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි තීරණය කර ඇත.
පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්දයෙන් වැරදිකරුවන් බවට තීරණය කර ඇත.
කෙසේ වෙතත් මන්ත්‍රී චමින්ද විජේසිරිගේ රියදුරු බන්දුල රත්නායක මියගගොස් ඇති බව මෙහිදී අනාවරණය විය.
අනතුරුව මෙම නඩුවේ තීන්දුව ලබාදීම එළඹෙන ජුලි මස (28) වනදා දක්වා කල් තබා ඇත.
