Advertisements

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කියක් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට ගෙන ඇත.

නීත්‍යානුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නැමැති වරද සිදු කිරීම මත සැකකාරිය අද (28) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බත්තරමුල්ල පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස වර්තමානයේ කටයුතු කරන තැනැත්තියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest