ප්‍රබල භූ කම්පනයක්.. ජනතාව නිවෙස් අතහැර පලායයි.!

ඉන්දුනීසියාවේ ජාවා දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.4 ක ප්‍රබල භූ කම්පනයක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.

ජාවා දූපතේ උතුරු වෙරළට ඔබ්බෙන් Bawean දූපත අසල ආසන්න වශයෙන් කිලෝමීටර් අටක් පමණ ගැඹුරකින් මෙම භු කම්පනය හටගෙන ඇති බවද එම ආයතනය සදහන් කරයි.

ජකර්තා අගනුවරට දැනුනු භූ කම්පනයත් සමඟ වෙනත් නගරයක පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් පලා යාමට සිදු වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සුනාම් අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close