පැවැත්වීමට නියමිත 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය පිළිබඳව අමෙරිකාවේ ධවල මන්දිරය සහ FIFA නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.
පවතින දැඩි දුම් කුණාටු තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් නගරය ආසන්නයේ පවතින අහිතකර තත්ත්වය මත අමෙරිකාවේ ධවල මන්දිරය සහ FIFA නිලධාරීන් අතර මෙම හදිසි සාකච්ඡාව කැඳවා ඇත.
කැනඩාවේ හටගෙන ඇති සිය ගණනක් ලැව්ගිනි හේතුවෙන් සමස්ත උතුරු අමෙරිකානු කලාපය පුරාම සෞඛ්‍යයට අතිශය අහිතකර සහ දූෂිත දුම් පටලයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අධික වායු දූෂණය හේතුවෙන් නිව්යෝර්ක්, ඩෙට්‍රොයිට්, චිකාගෝ සහ වොෂින්ටන් ඩී.සී. යන නගරවල වායු ගුණාත්මකභාවය මේ වනවිට පහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර කැනඩාව පුරා ව්‍යාප්තවන ලැව් ගිනි හේතුවෙන් අමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත දුමාරයෙන් වැසි යාම පදනම් කරගනිමින් කැනඩාවට පනවා ඇති බදු ප්‍රතිශත තවදුරටත් ඉහළ දමන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

