රුපියල් බිලියන 4ක් වංචා කළ සමාගම් අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් අත්අඩංගුවට 

මුදල් වංචා කිරීමේ චෝදනාව මත පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂකවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී මුදල් රැස්කර, එම මුදල් වංචා කිරීමේ චෝදනාව මත එම අධ්‍යක්ෂකවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි එම සමාගම් මඟින් සිදුකර ඇති සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 4කට ආසන්න බව අනාවරණය වී ඇති අතර එම සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ සමාගම් දෙකේ අධ්‍යක්ෂවරු තිදෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel