Advertisements

හිටපු පොලිස්පතිගේ මරණය – 10ක ගෙන් ප්‍රශ්න කරයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 10කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි, පොලීසිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසුරිය, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ලබාදුන් විශේෂ නියෝගයකට අනුව බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ මාලබේ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින්ද විමර්ශන සිදුකරනු ලබයි.

සී.ඩි. වික්‍රමරත්නගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරිමට ද පියවර ගෙන ඇත.

මේ අතර හිටපු පොලිස්පතිවරයා වෙඩිතබා ගැනීමට යොදාගත් බව කියන ගිනි අවිය රජයේ රස පරීක්ෂකවරයා යොමුකර ඇති බව පොලීසිය සදහන් කරයි.

සිදුකරන විමර්ශන වලට අදාළව ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest