විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ මියයාමකදී හිමිවන පොලිස් උත්තමාචාර හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න වෙත ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.
ඒ අනුව හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන (20) වැනිදා පොලිස් උත්තමාචාර මධ්‍යයේ සිදුකිරිමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.
හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්නගේ දේහය මේ වනවිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තබා ඇති අතර හෙට (19) දිනයේ සිට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව ලබාදී ඇත.

