කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය (13) වනදා අත්අඩංගුවට ගත්තේය.
අත්අඩංගුවට ගත් ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී, සංවිධානාත්මක අපරාධකරු කෙහෙබද්දර පද්මෙගේ කළු සල්ලි සුදු කිරීම මෙරට තුළ සිට සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී හෙළිවී ඇත්තේ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කෙහෙල්බද්දර පද්මේ සමඟ ඔහු සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.
තවද සමාජය හා පොලිසිය නොමඟ යැවිමේ අරමුණින් ඔවුන් දෙදෙනා එක්ව තමන් අතර දැඩි විරසකයක් ඇති බවට කාලයක සිට හඟවා ඇති බවද සිදුකළ පොලිස් විමර්න වලදී මේ වනවිට අනාවරණය වි ඇත.
කෙහෙල්බද්දර පද්මෙගෙන් ගම්පහ ඔස්මන්ට මරණ තර්ජන ඇති බවට පැවසුවද එවැනි කිසිඳු තර්ජනයක් නොතිබූ බවත් පද්මෙගේ ගෝලයින් අවස්ථා කිහිපයකදි ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට සූදානම්ව සිටියදි පොලිස් අත්අඩංගුවට ගැනුණ ද ඒ සියල්ල රඟපෑම් බවද මේ වනවිට හෙළි වී ඇත.
කෙහෙල්බද්දර පද්මෙගේ කළු සල්ලි සුදු කිරීම මෙරට තුළ සිට සම්පුර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ගම්පහ ඔස්මන් විසින් බවත් ඔහුගේ ව්‍යාපාර හරහා එම කටයුතු සිදුකර ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
ගනේමුල්ල සංජිව ඝාතනය සම්බන්ධයෙන් පද්මේගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ගම්පහ ඔස්මන් පිළිබඳ කිසිවක් අනාවරණ නොවු අතර පසුගියදා අසර්බයිජානයේ සිට මෙරටට රැගෙන ආ බටුවත්තේ චාමරගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදි ඔහු පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවණය වී ඇත.
තවද ගම්පහ ඔස්මන් විසින් ගනේමුල්ල සංජිව ඝාතනයට භාවිත කළ ගිනි අවිය ලබාදුන් බවටද එහිදි අනාවරණය වී ඇත.
මේ අතර ගම්පහ ඔස්මන් තවත් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය අද (16) අවසර ලබාගෙන ඇත.
