හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩා රජය තීරණය කරයි.
ඔවුන්ගේ නමින් කැනඩාවේ ඇති වත්කම් අත්හිටුවන බවත් කැනඩාවට ඇතුළු විය නොහැකි බවද කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී විසින් සදහන් කරයි.
රටෙි පසුගිය යුද සමයේ සිදු කළ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අදාළව මෙම පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මානව හිමිකම් ආරක්ෂා නොකිරීම පිළිබඳව කැනඩා රජයේ කනස්සල්ලට හේතු වී ඇති බවත් මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයටද මෙම සම්බාධක ක්‍රියාත්මක කර ඇත.