හමාස් සංවිධානය දීර්ඝ සටන් විරාමයක් ඉල්ලයි.!

හමාස් සංවිධානය විසින් දීර්ඝ සටන් විරාමයක් සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ගාසා තීරයේ මාස හතර හමාරක කාලයක් සටන් අත්හිටුවා පසුව ගැටුම් නවතා දැමීමට යෝජනා කර ඇත.

හමාස් සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවලිය අදියර තුනකින් සමන්විත වන අතර පළමු අදියර ලෙස ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කිරීම.

එහි දෙවැනි අදියර යටතේ ගාසා තීරය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීම වන අතර තෙවැනි අදියර යටතේ ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීම සහ මියගිය පුද්ගලයන්ගේ සිරුරු හුවමාරු කිරීමයි.

අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ කැමැත්ත මත කටාර් සහ ඊජිප්තු බලධාරින් හමාස් සංවිධානයට යොමු කර තිබූ යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය මෙම යෝජනාව යවා ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS