එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නැව් දෙකකට හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.
මොම්බාසා සහ අල් බහියා යන නැව් දෙක ඕමාන් මුහුදු සීමාවේ පවතින හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු මංතීරුවේ ගමන් කරමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
තුවාල ලැබූ අට දෙනාගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත් ඉන් හයදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර දෙදෙනෙකු යුක්‍රේන ජාතිකයින් බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
