අමෙරිකාව විසින් රාත්‍රීයේ නව ප්‍රහාර මාලාවක් සිදුකරන බවට වාර්තා පළවීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් හෝ ගෑස් “එක බිංදුවක්වත්” ගමන් කිරීමට ඉඩ නොදෙන බවට ඉරානය අනතුරු අඟවයි.
මැදපෙරදිග කලාපීය ගැටුම් තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට බලපෑම් ඇති විය හැකි බවද ඉරාන බලධාරීන් සඳහන් කර ඇත.
ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන “හෝමූස් සමුද්‍ර සන්ධිය” හරහා දිනකට විශාල ප්‍රමාණයක බොරතෙල් සහ ස්වාභාවික ගෑස් ප්‍රවාහනය වේ.
එනිසා එම ගමනාගමනයට බාධා ඇතිවීම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ සඳහන් කරයි.

