දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය 17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දැවැන්ත ජයක් ලබාගෙන ඇත.
දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇත.
කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර TVK පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ.


