ලෝක වාර්තාවක් තැබු ජස්ප්‍රිට් ලෝකයෙන්ම පළමු තැනට.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා ක්‍රිකට් ලෝක වාර්තාවක් තබා ඇත.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස අකෘති තුනෙහි පෙරමුණට පැමිණි ලොව එකම පන්දු යවන්නා බවට ජස්ප්‍රිට් බුම්‍රා පත්ව ඇත.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ජස්ප්‍රිට් බුම්‍රා පළමු තැනට පැමිණ ඇති අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණි පළමු ඉන්දීය වේගපන්දු යවන්නා ද වේ.

ICCය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙම සුවිශේෂ ලෝක වාර්තාව ජස්ප්‍රිට් බුම්‍රා සතු වේ.

මීට පෙර ඉන්දීය වේග පන්දු යවන්නෙකු විසින් ලබා ගත් ඉහළම ශ්‍රේණිගත කිරීම වූයේ 1979 දෙසැම්බර් සිට 1980 පෙබරවාරි දක්වා කපිල් දේවි ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක 2 ස්ථානයට පැමිණීමයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS