හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වයඹ ඩිස්ටන්ස් නාමය යටතේ පවත්වාගෙන ගිය මත්පැන් ව්‍යාපාරයකට අදාළව රුපියල් මිලියන 580ක පමණ හිඟ බදු මුදලක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සඳරුවන් මදනසිංහ සඳහන් කරයි.
රුපියල් මිලියන 580ක පමණ හිඟ බදු මුදල ගෙවිමෙන් තොරව “Royal Ceylon” නමින් මෙම ව්‍යාපාර නාමය වෙනස් කර ඇති බවද මන්ත්‍රී සඳරුවන් මදනසිංහ (19) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
බදු අයකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන නායකයන් ආදර්ශමත් ලෙස කටයුතු කළ යුතු බවත් නාමල් රාජපක්ෂ ඇතුළු වගකිවයුතු පාර්ශව මේ සම්බන්ධව සෘජු මැදිහත්වීමක් කළ යුතු බවද මන්ත්‍රී සඳරුවන් මදනසිංහ සඳහන් කරයි.
පවතින නීති අනුව හිඟ බදු මුදල් සඳහා මාසිකව 1.5%ක පොලියක් අය කෙරෙන අතර වාර්ෂිකව එය 18%ක් දක්වා ඉහළ යන බවත් වසර 5ක් පුරා බදු නොගෙවා සිටියහොත් මුල් බදු මුදලට අමතරව 90%ක දඩ මුදලක් ගෙවීමට සිදුවිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
