ජෝර්දානයට එල්ල කළ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම සෙබළුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අමෙරිකානු සේවා සාමාජිකයින් සිව් දෙනෙකුද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති බවද අමෙරිකානු මධ්‍යම අණදෙන විධානය සඳහන් කරයි.
මේ අතර ඉරානය විසින් එල්ල කළ බැලැස්ටික් මිසයිල 10ක් විනාශ කළ බව ජෝර්දාන හමුදාව සඳහන් කරයි.

