කුමාර ධර්මසේනගේ වගා ආයෝජන ව්‍යාපෘතියට එරෙහිව නීතිමය කටයුතු.!

වගා ආයෝජන ව්‍යාපෘතීන් සඳහා මුදල් තැම්පතු රැස්කිරීම යටතේ මහ බැංකුව වෙත ලැබී ඇති පැමිණිලි කිහිපයක් සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කර තිබේ, එහිදී මූලික වශයෙන් වගා ආයෝජන බවට පවසමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගන්නා ලද ආයතන පහළොවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව මහබැංකුව සඳහන් කරයි.

ඒ අතර ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවෙකු වන කුමාර ධර්මසේනට අයත් පින්තැන්න ප්ලාන්ටේෂන් නම් ආයතනය ද ඇතුලත්ව ඇති බව සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කළේ මුදල් තැම්පතු ලබාගැනීම සඳහා මහ බැංකුවේ බලපත්‍ර රහිතව කටයුතු කිරීමට කිසිවෙකුටත් හිමිකමක් නොමැති බවත් අදාළ ආයතන විසින් මුදල් තැන්පතු භාරගත් බවට සාක්ෂි එකතු කිරීමෙන් අනතුරුව එම ආයතනයන්ට එරෙහිව නීතිමය කටයුතු කරනා බවද ඔහු වැඩිදුරත් පවසා සිටියේය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS