ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට ජංගම සහ ස්ථාවර දුරකථන සේවාවල ගුණාත්මකවය ඉහළ නැංවීම සඳහා ස්වාධීන නියාමන පද්ධතියක් මේ වසර තුළ ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.
මේ වනවිට අදාළ මෙහෙයුම් ආයතන මගින් ලබාගන්නා දත්ත මගින් පමණක් දුරකථන සේවා නියාමනය සිදු වන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ශල් බන්දුල හේරත් සඳහන් කරයි.
දුරකථන සබඳතා සහ අන්තර්ජාල සබඳතා ආවරණ කලාප ඉහළ නැංවීම අදාළ නියාමනයෙහි ප්‍රමුඛ අරමුණක් බවද අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ශල් බන්දුල හේරත් සඳහන් කරයි.

