Advertisements

රටේ මීළග නායකයා නාමල් කියලා ⁣හැමෝම කියනවා

2029 වසරේ ඊළඟ නායකත්වය සඳහා නාමල් රාජපක්ෂගේ නම රට වටෙන්ම කියැවෙන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කරයි.

ජනතාව මුලා කළ වත්මන් පාලනය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටෙමින් පවතින බවත් ඉදිරි බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවතත් පෙරමුණට පැමිණෙමින් සිටින බවද මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කරයි.

මන්ත්‍රී ඩී.වී. චානක තවදුරටත් සඳහන් කළේ,

අද රට වටේම කොහේ ගියත් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම කියවෙන තැනට ඇවිල්ලා. ඊළඟ නායකත්වය 2029 කියනකොටම නාමල් රාජපක්ෂ කියන නමත් ඇහෙන තැනට ගේන්න කටයුතු කළේ වෙන කවුරුවත් නෙවෙයි, මේ පළාත් පාලනයේ ඉන්න අපේ කොට්ඨාසවල ඉන්න අපේ සංවිධායකවරු.

මේ ආණ්ඩුව කියපු ලොකුම බොරුව තමයි බොරු කියන්නේ නෑ කියපු එක. ඊටත් උඩින් තියෙනවා අපි හොරකම් කරන්නේ නෑ. කිව්වා නේද මාලිමාව. ඔන්න ඔය දෙක තමයි ලොකුම බොරු දෙක. බොරු කියන්නේ නෑ කියපු එකයි, හොරකම් කරන්නේ නෑ කියපු එකයි. දැන් උඩ ඉඳන් යටටම දූෂණය.

අනිත් පැත්තෙන් කියපු පොරොන්දු ටිකක් ගත්තොත් එකක්වත් ඉටුවෙලා නැහැ. මං ගාව ලැයිස්තුවක් තියෙනවා. ඕනේ නම් කියවන්න පුළුවන්. 100කට වැඩිය තියෙනවා. ඒක හින්දා කියවන්න මම යන්නෑ. මොකද කියවන්න ගියොත් දවසම ගත්තාත් එච්චරට බොරු කියලා තියෙනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන සංසදය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රී ඩී.වී. චානක මේ බව සඳහන් කරයි.

Advertisements
7 Comments
Most Voted
Newest Oldest