මේ රටේ සැබෑම විපක්ෂ නායක කාර්යභාරය නොනිල වශයෙන් ඉටු කරනු ලබන්නේ නාමල් රාජපක්ෂ විසින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කරයි.
එනිසා බහුතර පාර්ශවයේ එකඟතාවයකින් තොරව නාමල් රාජපක්ෂට විපක්ෂ නායක ධුරය භාරගන්නා ලෙස ආරාධනා කිරීමට තමාට හැකියාවක් නොමැති බවද මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කරයි.
මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කළේ,
“සමඟි ජන බලවේගයට තමයි පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ වැඩි බහුතරය පවතින්නේ. ඒක නිසා අපිට හැකියාවක් නැහැ නාමල් රාජපක්ෂ මැතිතුමාට ආරාධනයක් කරලා විපක්ෂය බහුතරය කියනවා නම් හැර විපක්ෂ නායක කමක් භාරගන්න.
නාමල් රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක කාර්යභාරය නොනිල වශයෙන් කරන්නේ, රාජපක්ෂ මැතිතුමා තමයි. ඒක මේ රටේ මිනිස්සු දකිනවා. ආණ්ඩුවට විරුද්ධව බයක් නැතුව කොන්ද පණ ඇතුව වචනයක් කතා කරන්නෑ විපක්ෂ නායකතුමා.”
ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ මේ බව සඳහන් කරයි.

