පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම සම්බන්ධව සිදුකරන විමර්ශනය අවසානයේ ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් බාරදීමට කොමිසම බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කරයි.
මෙම සිද්ධියට අදාලව රැඳවියන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවත් සිරකරුවන් බොහෝ පිරිසක් ඈත දුර බැහැර ප්‍රදේශ වලට මාරුකර යවා සිටීම හේතුවෙන් එම කටයුතු තරමක් දුෂ්කර වී තිබෙන බවද කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කරයි.
තවද, විමර්ශනය අවසානයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අවශ්‍ය වුවහොත් ඒ අනුව කටයුතු කරන බවද කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා සඳහන් කරයි.

