LIVE
දුර්ලභ රුධිර රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් ගත කිරීමෙන් පසු නෝර්වේ රාජ්‍යයේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාත්ත වී ඇත.
අභාවප්‍රාප්ත වනවිට රජුගේ වයස අවුරුදු 89ක් වන අතර ඔස්ලෝ ජාතික රෝහලේදී රජු අවසන් සුසුම් හෙලූ බව නෝර්වේ රජ මාලිගය නිවේදනය කරයි.
වසර 35 කට ආසන්න කාලයක් කිරුළ හිමිව සිටි හැරල්ඩ් රජු, 14 වැනි සියවසෙන් පසුව නෝවේහිදී උපත ලැබූ පළමු රජු ලෙසද සැලකෙයි.
සම්ප්‍රදාය බිඳ දමමින්, හැරල්ඩ් රජු සාමාන්‍ය පවුලක තරුණියක සමග විවාහ වු අතර අද ඇය නොර්වේ රැජින ලෙස කටයුතු කරයි.
පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු ඔහුගේ 53 හැවිරිදි පුත් හැකොන් කුමරුට කිරුළ හිමිවෙයි.
