Advertisements

සාමයේ පාගමන අවසන් කරමින් හිමිවරු දිවයිනෙන් පිටව යයි

LIVE

සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යමින් දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහි පස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ.

අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා, ‘ආලෝකා’ සුනඛයා සහ තවත් ගිහි පිරිසක් මෙලෙස අද උදෑසන 07.12ට කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොස් තිබුණි. 

අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

1 Comment
Most Voted
Newest Oldest