Advertisements

පිළියන්දල පොලිස් වෙඩි තැබීමක්.. අයෙක් රෝහලේ

අද (19) දින උදෑසන පිළියන්දල, බෝකුන්දර, වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට තැත් කිරීමේදී එක් සැකකරුවෙකු පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ ගෙන ඇත.

එම අවස්ථාවේදී පොලීසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් යතුරුපැදියේ පැමිණි අනෙක් තැනැත්තා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest