ප්‍රධාන දුම්රිය මාර්ගයක් මාස 06කට වසා දමන්න සූදානම්.!

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ වසර 04කට පසුව වරායට රේල් පීලි නැවක් ගෙන්වා තිබෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ දුම්රිය පීලී අබලන් වී ඇති බවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීලී අඩුම තරමින් වසර 5කට වරක්වත් මාරු කිරීමට අවශ්‍ය බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අලුත්වැඩියාවන් සිදු නොකිරීම නිසා දුම්රිය ධාවනය කිරීමේ වේගය සීමා වී තිබෙන බවත් ඒ හේතුවෙන් කාර්යාල සේවකයන්ට නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමේ ගැටලුවක් මතුව ඇති බවද සදහන් කරයි.

එනිසා ඉදිරි දින කිහිපය තුළ කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භ කරන බවත් එළැඹෙන අයවැයෙන් පවතින දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කරයි.

ජනවාරි සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර තිබෙන බවත් පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය කිරීමට හැකි බවද සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS