රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) ඇතුළු දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා මැයි (03) වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේදී රුසියානු දූත පිරිස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡා කරනු ඇත.
මීට අමතරව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එළඹෙන මැයි (04) වැනිදා රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.

