විද්‍යාගාරයේදී පාසල් සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනය කරයි.!

පාසලේ විද්‍යාගාරය තුළදී පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අපයෝජනයට ලක් කළ එම පාසලේ 29 හැවිරිදි විද්‍යා ගුරුවරයා එළඹෙන (27) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රිකයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යොමු කර ඇත.

බන්ධනාගාර ගතකළ ගුරුවරයා මහනුවර කිතුල්පේ, පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි විවාහක ගුරුවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ ගුරුවරියක ලෙස සේවය කරන බවද පොලීසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් එම ගුරුවරයා (21) දින වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close