හිටපු ජනාධිපති ගුවන් අනතුරින් ජීවිතක්ෂයට.!

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෙලිකොප්ටරය දකුණු චිලියේ ලොස් රියෝස් ප්‍රදේශයේදී කඩා වැටී ඇති බවත් එහි පුද්ගලයන් හතර දෙනෙකු ගමන් කරමින් සිටි අතර ඉන් තිදෙනෙකු අනතුරෙන් දිවි ගලවාගෙන ඇති බව චිලී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා සදහන් කරයි.

මෙම ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයට පුළුල් වර්ෂාපතනයක් පැවති නමුත් කාලගුණය අනතුරට හේතුව දැයි පැහැදිලි නොමැති අතර හිටපු ජනාධිපති පිනේරාගේ සිරුර චිලී නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත.

74 හැවිරිදි වියේ පසුවු හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා 2010 සිට 2014 දක්වාත් නැවතත් 2018 සිට 2022 දක්වාත් චිලී රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස පත්ව ඇති අතර ඔහු කෝටිපති ව්‍යාපාරිකයකු ද වේ.

හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේර වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍යයක් පැවැත්වෙන අතර චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS