තායිලන්තයේ මුක්දහාන් පළාතේ පාගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් දෙසට කැබ් රථයක් කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා අට නමක් අපවත් වී ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට ළඟා වනවිටත්, අනතුර හේතුවෙන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් මාර්ගය අසල වැටී සිටි බව වාර්තා වේ.
අනතුරින් භික්ෂූන් වහන්සේලා පස් නමක එම ස්ථානයේදීම අපවත් වී ඇති අතර බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ භික්ෂූන් වහන්සේලා අතරින් තිදෙනෙකු රෝහලේදී අපවත් වී ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදුව ඇති අතර එම භික්ෂූන් වහන්සේලා 13 මේ වනවිට රෝහල් වෙත ඇතුළත් කර අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතින බව එරට පොලිසිය සඳහන් කරයි.
මූලික පොලිස් පරීක්ෂණ වලට අනුව අනතුර සිදුකර ඇති කැබ් රථය පදවා ඇත්තේ 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් බව හෙළිවී ඇත.
